Home Uncategorized එදා පුංචි ගෙදරක කුලිය ගෙවා ගන්නවත් බැරුව සිටි ඇය අද ඉන්දියාවේ කෝටිපතිනියක්...

එදා පුංචි ගෙදරක කුලිය ගෙවා ගන්නවත් බැරුව සිටි ඇය අද ඉන්දියාවේ කෝටිපතිනියක් වීමේ රහස – ලොවක් ආදරේ කරන රශ්මිකා මන්දානාගේ නොදුටු පැත්ත මෙන්න

0
9666

 

1996 වසරේ අප්‍රේල් 05 තමයි Rashmika උපත ලබන්නෙ. කර්ණාටක ප්‍රාන්තයේ Kodagu නම් දිස්ත්‍රික්කයේ Virajpet නගරයේ. තාත්තට කුඩා කෝපි වත්තක් හා උත්සවවලට කුලියට දෙන ශාලාවක් තිබ්බා. මව ගෘහනියක්.

ඇය පුංචි දවස්වල තාත්තගෙ ව්‍යාපාර තරමක් පාඩු පිට දිව්වෙ. ඔවුන් නිවස මාරු කරනවා. පොඩි ගෙයක් හොයාගන්නවා. ඒත් ඒකෙ කුලී ගෙවන්නෙත් අමාරුවෙන්. රශ්මිකා කියන විදියට පුංචි කාලෙ ගෙදරින් එයා ආස එක එක දේවල් ඉල්ලුවෙ නැතිලු, ඇයට සෙල්ලම් බඩු අරන් දෙන්නවත් හැකියාවක් තිබ්බෙ නැතිලු.

Coorg Public School එකට යන ඇය ඉගෙනීම ඉතා උනන්දුවෙන් කරනවා. කොතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් ඇගේ අධ්‍යාපනයට මව්පියන් කෙසේ හෝ වියදම් කළා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ඇය නතරවෙන්නෙ Triple Major Degree එකක් අරන්.

Bachelor’s Degree in Psychology, Journalism and English Literature. ඒ බැංගලෝරයේ පිහිටි M.S.Ramaiah College එකෙන්. (උපාධිය ඉවර කළේ 2017 – අවුරුදු 21 දි)

2014 (අවුරුදු 18) දී The Times of India එකෙන් කර්ණාටක ප්‍රාන්තයේ පැවැත්වූ Clean & Clear Fresh Face සඳහා අයදුම් කළ ඇය ඉන් පළමු තැන ලබනවා. ඊටපස්සෙ ඇයව Clean & Clear එකේ Brand Ambassador විදියට ගන්නවා.

එහි දැන්වීම් වලින් තමයි Rakshit Shetty ඇයව දකින්නෙ.

Rakshit Shetty ඉපදුනේ 1983. ඔහු ඇයට වඩා අවුරුදු 13 ක් වැඩිමල්. ඒ වෙද්දි ඔහු කන්නඩ චිත්‍රපට කිහිපයක රඟපාපු ජනප්‍රිය නළුවෙක්. (777 Charlie එකෙ රඟපෑවෙ මෙයා)

ඔහු සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන සේම ප්‍රධාන චරිතය කරන Kirik Party චිත්‍රපටයට Rashmika ට ආරාධනා කරනවා. අධ්‍යක්ෂණය Rishab Shetty. (Kantara එකේ රඟපෑවෙ මෙයා)

2016 (අවුරුදු 20) දී ඈට Kirik Party රූගතකිරීම් අතරතුර Rakshit Shetty හිතේ හංගගෙන හිටි ආදරය ප්‍රකාශ කරනවා. තාරුණ්‍යයෙ දොරටුව අසළ සිටි Rashmika ඊට කැමතිවෙනවා. ඔවුන් ආදරයෙන් කාලය ගතකරනවා.

2016 දෙසැම්බර් 30 තමයි Kirik Party එන්නෙ. කෝටි 4 පිරිවැය වූ එය දැවැන්ත Blockbuster එකක් වුණේ කෝටි 50 අභිබවා යමින්. Rakshit අවස්ථා කිහිපයකම පැවසුවේ ඔහුට වාසනාව ගෙනාවෙ ඇය බවයි.

Rakshit – Rashmika යුවල කර්නාටක ප්‍රාන්තයේ ජනප්‍රියම Celibrity Couple එක වෙනවා. ඔවුන් විවිධ සම්මාන උළෙල, වැඩසටහන්වලට දකින චරිත.

2017 (අවුරුදු 21) දි Rashmika චිත්‍රපට දෙකකට එක්වන්නේ කන්නඩ සුපිරි තරු දෙකක් සමඟ. Puneeth Rajkumar එක්ක Anjani Putra. Ganesh එක්ක Chamak.

ඇය Virajpet වල ගෙයක් හදන්න ගන්නවා. අතීත කටුක දිවියේ අත්දැකීම් ක්‍රමිකව වෙනස් කරගෙන ගොඩනැගෙන්නයි ඇයට ඕන

2017 ජූලි 03 Rakshit Shetty එක්ක විවහ ගිවිස ගත් ඈ පෙම්වතියගේ භූමිකාව ඉටුකරන්නෙත් ඉතා හෘදයාංගමව.

2017 දෙසැම්බරයේ තිරගත Anjani Putra සහ Chamak දෙකම Blockbuster වෙනවා. ඒ සමඟ “Karnataka Crush” ලෙසින් විරුදාවලිය ලබමින් ඇය ගොඩනගාගන්නෙ ඉහළ සාර්ථකත්වයක්. මේ ජනප්‍රියත්වය දකින තෙළිඟු සිනමාව ඇයට චිත්‍රපටයකට කතා කරනවා. ඒ Naga Shourya එක්ක Chalo කරන්න.

කන්නඩ සිනමාවට සාපේක්ෂව තෙළිඟු ලොකු කර්මාන්තයක්. මේක හොඳ අවස්ථාවක්. ඇය තම අනාගත සැමියාට මේ ගැන කිව්වෙ උතුරා යන සතුටකින්. ඔහු ඇයට අත්පොළසන් දේවි කියලයි හිතුවෙ. ඒත් ඔහුගේ ප්‍රතිචාරය….

ඇයි ඔයා තෙළිඟු යන්නෙ.. කන්නඩලම ඉන්න. මට පුලුවන් ඔයාට මෙහෙ චිත්‍රපටි සෙට් කරන්න. ලැබෙන ගාන අඩු එක හිතන්න එපා. මේ බලන්න…. ඔයා හම්බ කළේ නැතත් මට පුලුවන් ඔයාව බලාගන්න.

එතකොට ඇගේ රඟපෑමේ කැමැත්ත….?

Triple Major Degree එකකින් ගත් දැනුම….?

අතීත කටුක දිවියෙන් ගොඩනැගීමේ සිහින…?

පුංචි කාලෙ ඈ කැමති දේවල් ගෙදරින් ඉල්ලුවෙ නෑ. දැන් තරුණ කාලෙ කැමති හැමදේම සැමිය ගෙන් ඉල්ලන්නද…?

වෘත්තීය සිහින හා විවාහයේ සිහින මැද ඇය අසරණ වුණා. විවාහයට තව සති කිහිපය යි.

අවසානයේ ඇය වෘත්තීය සිහින තෝරගත්තා.

2018 (අවුරුදු 22) දී ඒ තීරණය අරන් තෙළිඟු සිනමාවට පැමිණි ඇගේ Chalo චිත්‍රපටයත් Blockbuster එකක්. එහි සාර්ථකත්වයෙන් පසු තමයි Geetha Govindam ලැබෙන්නෙ. ඒකෙදි ඇයට Vijay Deverakonda මුණගැහෙනවා.

Rashmika එදා ඒ තීරණය නොගත්තානම් අද වෙද්දි ඇය කර්නාටක ප්‍රාන්තය විතරක් දන්න Masala Films වල Heroine කෙනෙක්. නැත්තන් ජනප්‍රිය නළුවෙක්ගෙ බිරිඳක්.

ඒත් අද ඇය….??

Karnataka Crush නොව National Crush වෙලා

Sandalwood Actress නොව Pan Indian Actress වෙලා

Amitabh Bachchan, Salmaan Khan සිට Ranbir Kapoor, Vicky Kaushal දක්වාත්,

Nagarjuna, Mahesh Babu සිට Allu Arjun, Nani දක්වාත්,

Thalapathy Vijay සිට Dhanush, Karthi දක්වාත් වැඩ කරපු වාසනාවන්ත තාරකාවියක් වෙලා.

ඔබ දන්නවද…. එදා පුංචි ගෙදරක කුලියවත් ගෙවාගන්න බැරිවුණු ඇය තමයි අද Kodagu දිස්ත්‍රික්කයේ Highest Tax Payer. මේ අවුරුද්දෙ කෝටි 4.69 (ලංකාවෙ මුදලින් කෝටි 16) ක් ඇය බදු ගෙවා තිබුණා.

උපුටාගැනීම මුල් අයිතිකරු සතුයි !

Previous article“දුව ඉල්ලපු දේ ඇහුවම දෙයියම්පා මට පණ ගැහුණා!” – මීට වඩා චිත්‍රපටයක් තවත් තියෙයිද? බොරලැස්ගමුවේ බෝඩිමේදී අම්මගෙයි දුවගෙයි රහස් දැලට කොටු වුණු තරුණයාගේ ඇඟ කිලිපොලා යන පාපොච්චාරණය..
Next articleමේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා. ‘ මම ඉතාලියේ Metro එකකට යන්න පල්ලෙහාට ගිහින් හිටියේ. හති දාගගෙන අම්මා කෙනෙක් චූටි පැටව් දෙන්නෙක් එක්ක මගේ ළඟට පඩි පෙළ දිගේ පහළට දුවගෙන ආවා. ‘ ආදරේට වයස් සීමා නැ.. රටක් ආදරේ කරන මනීෂා තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights