Home සයුරෙන් එහා පුවත් සිලිකන් තිසරුන්ට සමු දුන් ශර්ලින් චොප්රා .

සිලිකන් තිසරුන්ට සමු දුන් ශර්ලින් චොප්රා .

0
383

සිලිකන් තිසරුන්ට සමු දුන් ශර්ලින් චොප්රා 💃🏻

පියයුරු විශාල කරගන්න නිළියන් සහ නිරූපිකාවන් බොහෝ දෙනෙක් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ සඳහා සැත්කම් කරගත් නිළියන් අපේ රටෙත් ඉන්නවා. මේ කියන්න යන්නෙ ඊට වෙනස් කතාවක්.

ශර්ලින් චොප්රා කියන්නෙ නිරූපිකාවක් සහ නිළියක්. ඇය හින්දි සහ තෙලිඟු චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබෙනවා. සිලිකන් යොදා විශාල කරගෙන තිබූ ඇගේ පියයුරු යුගලය සැත්කමක් මඟින් ඉවත් කර තිබෙනවා.

“මාස කිහිපයක ඉඳන් මගේ බෙල්ල සහ උරහිස්වල ලොකු වේදනාවක් තිබුණා. ඒකට හේතුව මගේ පියයුරුවල බර කියලයි මට හිතුනෙ. ඒ නිසා මං මගේ සිලිකන් පියයුරු යුගල අයින් කර ගත්තා. දැන් මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා”

ශර්ලින් මෙසේ පවසා තිබෙනවා. ඇගේ එක් පියයුරක් කිලෝ ග්‍රෑමයකට ආසන්න බරකින් යුක්ත වී තිබෙනවා.

පියයුරු ලොකු කරගන්න දඟලන අයට මේක හොඳ පාඩමක් වෙයි…. 😬

©️ උපුටා ගැනීම 🌷
භාරත සිනමා රසික සංසඳය
#ලොවෙන්බිඳක්

 

Previous articleමිනිත්තු 5ක් ඔබේ කකුල් මෙලෙස ඔසවා තබාගෙන සිටීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන දැනගත්තොත් ඔබත් පුදුම වෙයි..
Next articleගුදමාර්ගයෙ හැදෙන ගොඩක් ලෙඩ නිට්ටාවටම සුව කරන්න පුලුවන් කරල්හැබ සත්කාරය..
error: Content is protected !!
Verified by MonsterInsights