Home සයුරෙන් එහා පුවත් එයා ඔයාගේ හොඳම යහළුවට වඩා ලෝබයි. ලෝකේ ඉන්න මසුරුම ගැහැණිය මෙන්න. කොච්චර...

එයා ඔයාගේ හොඳම යහළුවට වඩා ලෝබයි. ලෝකේ ඉන්න මසුරුම ගැහැණිය මෙන්න. කොච්චර ලෝබද කියනවා නම් ජීවිත කාලෙම එකම ඇදුම ඇදලා…

0
103

කියන්න යන කතාව ඇහුවොත් නිසැක වශයෙන්ම ඔබ පුදුමයට පත් වේවී…

ලෝකයේ විවිධ දේවල් වලට ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා … මේ කියන්න කාන්තාව එහෙම ප්‍රකට වුණු කෙනෙක්… හරි අපි යමුකෝ කතාවට ඇය හෙට්ටි ග්‍රීන් … ඉතිං මේ හෙට්ටි ග්‍රීන් නමින් හඳුන්වන මේ කාන්තාව තමයි ලෝකයේ මසුරුම කාන්තාව ලෙස නම් කරලා තිබෙන්නේ.

1835 දී උපද ලද ඇය අමෙරිකානු ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය බවට පත්ව තිබුණා.

ඇය අවුරුදු 6 සිට ඇයගේ එකම විනෝදාංශය බවට පත්ව තිබුණේ මුදල් එකතු කිරීමයි.

ඇයට වයස අවුරුදු විසිඑකක් වන විට ඩොලර් මිලියන 7.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ධනය ඇගේ පියාගෙන් පසුව ඇයට උරුම වී තිබෙනවා.

වෝල් වීදියේ දුෂ්ට මායාකාරිය ලෙස නම් කරන ලද ඇය කෝටිපතියෙකු සමඟ විවාහ වුණත් ඇයගේ සුපුරුදු පුරුදු නම් අතහරින්නට අකමැති වුණ කාන්තාවක්.

එකතු කළ එකදු සතයක්වත් වියදම් නොකල ඇය වයස 17 සිට එකම යට ඇඳුමක් පමණක් භාවිතා කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතරම තමන් අඳින ඇඳුමක් වුවත් ගෙවෙන තුරු සිට නැවත් ගත් බවටයි සඳහන් වෙන්නේ.

ඇයගේ පුතෙකුට පවා කකුලක් අහිමිව ගොස් තිබුණේ ඇය මුදල් ගෙවා බෙහෙත් කිරීමට තිබුණ අකමැත්ත නිසාවෙනුවෙයි. පේනවානේ මොන තරම් මසුරු නෝනා කෙනෙක්ද කියලා…

හෙට්ටි ග්‍රීන් 1916 දී වයස අවුරුදු 81 දී නිව් යෝර්ක් නගරයේ දී මිය ගිය අතර, ලෝකයේ පහත්ම පුද්ගලයා යන නාමය සමඟ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූවා.

කෙසේ නමුත් ඇයගේ දියණිය මව මෙන් මසුරු තැනැත්තියක් නොවුන අතර ඇයගේ වියදමින් රෝහලක් ද ඉදිකරනු ලැබ තිබෙනවා. එකම පවුලේ වුණත් වෙනස කොහොමද බලන්නකෝ…

උපුටාගැනීමකි.

Previous articleඉගුරු වලින් දියවැඩියාව, හිසේ කැක්කුම ඇතුලු රෝග රාශියක් හොඳ කරන්නේ මෙහෙමයි.
Next articleලොවක් කළඹමින් තම සහෝදරියට කුස දුන් ආදරණීය සහෝදරියකගේ අපූරු කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights