කොළඹ නගරාධිපති සටනට දිලිත්ගේ සර්වජන බලයේ සහය සජබෙට

කොළඹ නගරාධිපති සටනට දිලිත්ගේ සර්වජන බලයේ සහය සජබෙට

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිත අතර, එහිදී නව නගරාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

#එසැණ

Local Gossip