සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ තරු යුවලක්.. රංගන ජීවිතය වගේම ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයත් ලස්සනට ගලා යනවා..
ඒ අතරතුර මේ දෙන්නා මුහුණ දෙන්නා ගොඩක් විශේෂ අවස්ථාවලට.. ඒ සිද්ධියත් අන්න ඒ වගේ එකක්..
ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ගොඩක් වෙලාවට වෙන්නේ අනපේක්ෂිත සිදුවීම්.. එදා දවසත් අන්න ඒ වගේ.. එකම සම්මාන රාත්‍රියකදී සැමියාට වගේම බිරිඳටත් සම්මානයට පාත්‍ර වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වෙනස් අත්දැකීමක්.. ඔන්න ඉතින් සුමති සම්මාන රාත්‍රියෙන් කාලෙකට පස්සේ සාරංග ඒ ගැන කියන්න අමතක කරලා තිබුණේ නැහැ..
ප්‍රේක්‍ෂකයන් හැමදාම ඔබව ජනප්‍රිය නළුවා බවට පත් කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
අර කිව්වත් වගේ සතුටුයි. දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් වෙනවානේ. ඒ කාලේ ඉඳලා මට ආදරය කරපු මගේ නිර්මාණත් එක්ක ඉඳපු පිරිසක් ඉන්නවා. ඉතිං ඒගොල්ලන්ගේ ආදරය තවමත් නොඅඩුව ලැබෙන එක ගැන සතුටුයි.
සම්මාන උළෙලට සහභාගි වෙනකොට හිතුවද මේ සම්මානය ඔබේ අතට ලැබෙයි කියලා?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම කවදත් ඉතිං සම්මාන උළෙලකට යන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම නොහිතපු විධියට හොඳම පූරකට සම්මානය ලැබුණා. ඒක මම කොහොමත්ම බලාපොරොත්තු වෙලා තිබුණේ නැහැ. ඉතිං ඒක ඒ වෙලාවේ සර්ප්‍රයිස් එකක් වුණා. ජනප්‍රිය සම්මානයේදී නම් මුල කිහිපදෙනා අතර දිගටම රැඳිලා හිටියා. ඉතිං සතුටුයි.
එකම සම්මාන උළෙලේදී නෝනයි මහත්තයයි (සාරංග – දිනක්‍ෂි) ජනප්‍රිය නළුවා, නිළිය බවට පත්වෙනවා. ඒ නැවුම් අත්දැකීමක් නේද?
හරීන්ද්‍ර අයිය ඒ වෙලාවේ ඒක ප්‍රකාශ කරපු විදිහට තමයි ඒකත් අපිට ඒ වෙලාවේ සුවිශේෂයි කියලා හැඟුණේ. ඒක හරි සුන්දර අත්දැකීමක්. කාලයක් ගිහිල්ලා අපිට ඒ දවස හොඳ සිහිවටනයක් වෙයි.












