Home Uncategorized වයස 16ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්.. අද මධ්‍යම රාත්‍රියේ සිට අලුත්...

වයස 16ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්.. අද මධ්‍යම රාත්‍රියේ සිට අලුත් නීතිය ක්‍රියාත්මක වෙන හැටි..

0
49

ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව අද (09) ඉතිහාසයට එක් වෙනවා.

මෙම නීතිය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන් වන TikTok, ඇල්ෆබෙට් සමාගමේ YouTube, සහ Meta සමාගමේ Instagram හා Facebook ඇතුළු තවත් බොහෝ සේවාවන් වෙත මෙලෙස අවුරුදු 16ට අඩු දරුවන්ට ප්‍රවේශ වීම අවහිර වනු ඇති.

නව නීතිය යටතේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ ගිණුම් ඉවත් කිරීමට හෝ ඔවුන්ට නව ගිණුම් විවෘත කිරීම වැළැක්වීමට අදාළ සමාගම් ‘සාධාරණ පියවර’ ගත යුතු අතර, එය කඩ කරන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් දක්වා දඩ නියම කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Previous article“සසර ගමනේ නැවත මුණගැසෙන තෙක් ලොකුතාත්තා එක්ක සතුටින් පරිස්සමට ඉන්න DADA…” – ගයාන් තැබූ සංවේදී සටහන – Photos
Next article“පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීම නිසා යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ” කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් ප්‍රකාශයක්..
error: Content is protected !!
Verified by MonsterInsights