Home Uncategorized ගුරුතුමියට උපන් දින තෑග්ග දෙන්න ගිය පුංචි දෝණියට වුණේ නොසිතූ දෙයක්. නාවලපිටියම...

ගුරුතුමියට උපන් දින තෑග්ග දෙන්න ගිය පුංචි දෝණියට වුණේ නොසිතූ දෙයක්. නාවලපිටියම හඬවන සංවේදී කතාව මෙන්න.

0
5837

 

 

ගම්පොළ නාවලපිටිය මාර්ගයේදී සිදුවූ එක් නිමේෂයක අත්වැරැද්දකින්, පවුලක සතුට සහ පුංචි දැරියකගේ ජීවිතය සදහටම අඳුරේ ගිල්වා තිබේ.

තවමත් අවුරුදු තුනයි මාස තුනක් වූ අභිෂා නිහාරා කෙනුලි දියණිය, සිය මව සහ සොහොයුරා සමඟින් ගිය ගමන ඇයගේ අවසන් ගමන වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

මෙම දියණියගේ පෙරපාසල් ගුරුතුමියගේ උපන්දිනය සැමරීම සඳහා මව සහ හත් හැවිරිදි සොහොයුරා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගම්පොළ දෙසට ගමන් කරමින් සිටියදී නාගොල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය, බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ආ මෝටර් රථයක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුංචි දෝණිය රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කළත්, ඇයට මෙලොව හැර යාමට සිදුවූයේ මුළු නාවලපිටියම ශෝකයට පත් කරමිනි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙම සිඟිති දියණිය යතුරුපැදියේ ඉදිරිපස ගමන් කර ඇති බවයි. මෝටර් රථයේ ගැටීමෙන් ඇයගේ උදරයට සහ පපුවට සිදු වූ බරපතළ හානි හා අභ්‍යන්තර රුධිර වහනය නිසා මෙම මරණය සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කළේය.

මෙම අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු වයස අවුරුදු 82ක පුද්ගලයෙකු බවත්, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය පවසයි.

Previous articleලංකාවේ අලි බලපු පළමු කාන්තාව ඥානාවතී මියයයි. මියයන්න කලින් ඇය බලපු අන්තිම අලියා ගැන හෙළිවූ සංවේදී කතාව..
Next articleකවුරුත් මග බලන් හිටපු ඒ ආරංචිය ආවා… තිරයේ පෙම්වතුන් ඇත්ත ජීවිතේ අතිනත ගන්නා ඒ සුබ මොහොත මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights