Home සයුරෙන් එහා පුවත් “පුතේ, ඔයා තනිවෙලා නැහැ. ඔයා විඳින හැම වේදනාවක්ම මමත් ඔයා එක්කම විඳිනවා.”...

“පුතේ, ඔයා තනිවෙලා නැහැ. ඔයා විඳින හැම වේදනාවක්ම මමත් ඔයා එක්කම විඳිනවා.” පුතුගේ හදවත් සැත්කමේ කැළැල් තමන්ගේ පපුවේ සටහන් කරගත් පියෙක් ගැන ඇසෙන සංවේදී කතාවක් මෙන්න..

0
1196

පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ගැඹුරුය.

නිව් ජර්සි හි කුඩා නගරයක ජීවත් වන එරික් කොන්ක්ලින් (Eric Conklin) නම් පියා, තම බිළිඳු පුත් බෙනට් (Bennett) වෙනුවෙන් කළ කැපවීම මේ වන විට බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කළ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.

2024 ඔක්තෝබර් මාසයේදී බෙනට් මෙලොවට බිහි වූයේ ඉතා බරපතල හදවත් රෝගයක් සමඟිනි. වෛද්‍යවරුන් එය ‘Pulmonary Atresia’ නැමති රෝගය බව හඳුනාගත්තා.

මෙම තත්ත්වය නිසා සාමාන්‍ය දරුවෙකු මෙන් උපතින් පසු නිවසට යාමට බෙනට්ට වාසනාව තිබුණේ නැහැ.. සිය ජීවිතය බේරා ගැනීම සඳහා උපතින් දින කිහිපයකින් ඔහුට සිය පළමු හදවත් සැත්කමට මුහුණ දීමට සිදු වූ අතර, ඉන් සති දෙකක් යන්නටත් පෙර දෙවන සැත්කමකට ද මුහුණ දීමට සිදුවුණා.

තම කුඩා පුතු මරණයත් සමඟ සටන් කරන අයුරු බලා සිටි එරික් දැඩි ලෙස කම්පනයට පත්වුණ අතර, තම පුතා පපුවේ සැත්කම් කැළැල් සමඟ හැදී වැඩෙන විට ඔහුට කිසිදු අඩුවක් හෝ තනිකමක් දැනෙන්නට එරික් ඉඩ තැබුවේ නැහැ.

තම පුතු පපුවේ දරා සිටින එම වේදනාකාරී සැත්කම් කැළැල් ඒ අයුරින්ම තම පපුවේ Tattoo එකක් ලෙස සටහන් කර ගැනීමට එරික් තීරණය කළා. ඔහුට අවශ්‍ය වූයේ බෙනට් වැඩුණු පසු තමන් දෙස බලා, “මගේ තාත්තත් මගේ වගේමයි, ඔහුටත් මට තියෙන දේවල්ම තියෙනවා” යැයි සිතනු දැකීමටයි.

“පුතේ, ඔයා තනිවෙලා නැහැ. ඔයා විඳින හැම වේදනාවක්ම මමත් ඔයා එක්කම විඳිනවා.” එරික්ගේ පණිවිඩය එයයි.

මෙම අපූරු සහ සංවේදී කටයුත්ත සඳහා එරික්ගේ බිරිඳ ක්‍රිස්ටිනා (Christina) මුල සිටම සහයෝගය දැක්වූවා. 2025 අගෝස්තු 26 වන දින මෙම අවසන් කරන ලද අතර අද වන විට බෙනට් ඉතා සෞඛ්‍ය සම්පන්න, සිනහවෙන් පිරි දරුවෙක්.

වෛද්‍යවරුන් ද ඔහුගේ සුවය ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්ව සිටිනවා. දැන් එරික් කැඩපත දෙස බලන සෑම අවස්ථාවකම, තම පුතු වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවට වූ පියෙකුගේ උතුම් පොරොන්දුව ඔහුට සිහිපත් වෙනවා.

Previous articleලොව නිර්භීතම සතා ගනී බැජර් සතු සුපිරි බලයන් 10 මෙන්න.
Next articleදරුවන්ගේ බඩගින්න නිවන්න තමන්ගේ රූපයත් පූජා කළ පියෙක්! චීනයේ ‘මැඩි කුමාරයා’ පිටුපස ඇති හද පාරන කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights