Home දේශිය පුවත් ඔන්න ලගදීම ලංකාවත් දියුණු රටවල් ගානටම දියුණු වෙන්නයි යන්නේ… ලංගමට එකතු වෙන...

ඔන්න ලගදීම ලංකාවත් දියුණු රටවල් ගානටම දියුණු වෙන්නයි යන්නේ… ලංගමට එකතු වෙන අලුත් හැඩකාරයා මෙන්න

0
85

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Previous articleගැරඩිඇල්ල බස් අනතුර වූ තැන මිය ගිය අයට පින් දෙමින් පිරිත් සජ්ජායනයක්..
Next articleදැන්නම් දෝණී හරි දඟකාරයි. රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව දනාගේ දෝණිට එදා සුවිශේෂී දවසක්…
error: Content is protected !!
Verified by MonsterInsights