ශ්‍රී මට සමාවෙන්න..මට කුඹියොත් එක්ක ජීවත් වෙන්න බෑ..කුඹියෝ නිසා ජිවිතෙන් සමුගත් එක් දරු මවක් ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.

ශ්‍රී මට සමාවෙන්න..මට කුඹියොත් එක්ක ජීවත් වෙන්න බෑ..කුඹියෝ නිසා ජිවිතෙන් සමුගත් එක් දරු මවක් ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.

ඔබ අහලා තියෙනවද myrmecophobia රෝගී තත්වය ගැන .මේ රෝගී තත්වය ඇති වෙන්නේ කූඹීන්ට තියෙන බිය නිසාවෙන් .ඉතින් මේ රෝගය නිසා ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත් කාන්තාවක් ගැන පුවතක් අසන්නට ලැබෙනවා .

ඉන්දියාවේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ 25 හැවිරිදි කාන්තාවක් කූඹින්ට ඇති බිය හේතුවෙන් නිවසේදීම සියදිවි හානිකරගෙන තිබෙනවා. මේ කාන්තාව එක් දරු මවක් වන අතර සිය 3 හැවිරිදි දරුවා ඥාතී නිවසකට ගොස් ඇරලවා ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඇය සිය දිවි හානි කර ගැනීමට පෙර සිය දරුවාට පවසා ඇත්තේ තමාට නිවස පිරිසිදු කිරීමට ඇති බවත්, පිරිසිදු කිරීමෙන් පසුව ඇයව රැගෙන යාමට නැවත පැමිණෙන බවත් ය. කොහොම වුණත් රාජකාරී නිම කර නිවසට පැමිණි සැමියා ප්‍රධාන දොර ඇතුළතින් අගුළු දමා ඇති බව දැක ඇති අතර අසල්වැසියන්ගේ උදව්වෙන් දොර කඩා විවෘත කර තිබෙනවා .
එවිට ඔහුට දක්කින්න පුළුවන් වෙලා තියෙන්නේ ඔහුගේ බිරිඳ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සිටීමයි .

එම කාන්තාව සිය දිවි නසා ගැනීමට පෙර “ශ්‍රී, මට සමාවෙන්න, මට මේ කූඹියොත් සමඟ ජීවත් වෙන්න බෑ.. දුව බලාගන්න. පරිස්සම්වෙන්න.” ලෙසින් සටහනක් ද තබා තිබෙනවා .
කොහොම වුණත් අදාළ කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

පොලීසිය සැක පළ කරන්නේ පිරිසිදු කරන අතරතුර ඇය කූඹීන් දැක ඇති බවත් ඒ හේතුවෙන් ඇති වූ බිය නිසා ඇය මෙසේ සිය දිවි නසා ගන්නට ඇති බවත් ‍ය. මෙම තත්ත්වයට ගොදුරු වන රෝගීන් කූඹින් කෙරෙහි පවතින දැඩි බිය හේතුවෙන් එළිමහන් පරිසරයේ සිටීමට පවා අකමැත්තක් දක්වන බව සඳහන් වේ.

World Gossip