Home දේශිය පුවත් “බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින..” හඬින් රසිකයින් වශී කරගත්...

“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින..” හඬින් රසිකයින් වශී කරගත් ආදරණීය කලා ශිල්පියා මනේජ්, ඔහුගේ තවත් එක් සිහිනයක් සැබෑකරගනී..

0
99

 

මිනිස්සු ජීවත් කරන්නේ හීන කියලා ඔයා විශ්වාස කරනවාද..?

මේ අන්න ඒ වගේ හීන සැබෑ කරගත්ත ඔබ ආදරය කරන තවත් එක් තාරකාවක්..

ඔහුගේ හඬට ආදරය නොකරන්නේ කවුද..? ඒ වගේමයි ඔහුගේ නිහතමානීකම.. ගායන ශිල්පී මනේජ් සංජය මේ වෙනකොට ඔහුගේ සිහින නිවහන ඉඳිකර අවසන්.. හිතේ තිබුණු ආසාවක් නිසා පටන්ගත්ත ඔහුගේ ගායන දිවිය හිරු ස්ටාර් වේදිකාව නිසා තවත් වර්ණවත් වුණා..

මනේජ් අදටත් ඒ ගැන කතා කරන්නේ බොහොම ආඩබරයෙන් වගේම ආසාවකින්..

ඒ හීනය සැබෑවක් කරගන්න ඔහු මොන තරම් නම් වෙහෙසෙන්න ඇතිද..? නිදි නොලැබූ රාත්‍රී, දහඩිය මහන්සියෙන් ඔහු සෙවූ මුදල් ඒ උත්සාහයට සාක්ෂි සපයාවි.. අද වෙනකොට මනේජ් ඔහුගේ ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාවක් සපුරාගෙන.. ඔන්න ඉතින් මනේජ් තමන්ගේ කියලා සිහින නිවහනට ගිහින්.. බින්දුවෙන් පටන්ගත්ත ඔහුගේ ගායන ලෝකයේ අමතක නොවෙන සංධිස්ථානය වන්නේ හිරු ස්ටාර් වේදිකාවයි..

මනේජ් සංගීත ලෝකයේ දිදුලන තරුවක් බවට පත් වෙන්නේ හිරු වේදිකාව මතින් වුණත්, ඔහුගේ මේ ගමනට තවත් විශාල පිරිසක් සවියක් වෙන්න ඇති.. කොහොම වුණත් තමන් දැකපු ලස්සනම හීනයක් සැබෑවක් කරගත් ඔහු අදත් , හෙටත් ඒ ආදරණීය නිවහනේ ඔහුගේම පුංචි පවුලත් එක්ක සතුටෙන් කාලය ගත කරාවි.. ඉතින් තව තවත් ඔහුගේ හීන දිනන්න හැකිවේවා කියලා අපිත් මනේජ්ට සුබ පතමු..

තමන්ගේ ජීවිතයේ අමතක නොවන සංධිස්ථානයකට තමන්ගේව් උත්සාහයෙන්ම ආව මේ ගායන ශිල්පියා මෙන්න මේ වගේ සටහනක් ඒ වෙනුවෙන් තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින..
හැබැයි ඒ සිහින යථාර්තයක් කරන්න මම දහඩිය හෙලූ තරම් , වෙහෙස වූ තරම් , කැපවුණ තරම් දන්නේ මමමයි..
නිදි නැතිව ගීතයෙන්ම ගත කළ රාත්‍රීන් ඇත්තටම ඒ හීන එළිකලා..
හැම නිතරම ධනාත්මකව යහපත් සිතින් වැඩ කලොත් අපිට බැරි දෙයක් නෑ ..
ඉතින්
ආයෙම ස්තූතියි
මගේ Talent එක විශ්වාස කරපු ඔබට
මගේ ජීවිතයේ පෙරළිය කරපු Hirustar… වේදිකාවට
ප්‍රසංග වේදිකාවට මාව අරන් ආපු ජනක දීප්ත අයියට
ඒ වගේම මට මගේ ගීත නිර්මාණ කරලා දීපු පද රචකයන් , සංගීතවේදීන් , හැමෝටමත්
මගේ ගීත වලට හරි ආදරෙන් සංගීතය සපයපු හැම සංගීත කණ්ඩායමකටම
ප්‍රසංග වලට ආරාධනා කරපු ආදරණීය සංවිධායකයන් ඇතුලු හැමෝටම
ඒ වගෙම වචනෙකින් , පෝස්ට් එකකින් එකම එක ශෙයා එකකින් හෝ මාව දිරිමත් කරපු හැමෝටම, ආදරෙයි..”

Previous article“මා ඇතුළු මාගේ රසිකයින් දැඩි අපහසුතාවකට පත්කළ ඒ පුවත” – සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි කියන කතාව…
Next articleකාබන් ඉරි ඇදුනු මුදල් නෝට්ටු කාටත් හොරා කාගේ හරි ඇගේ ගහපු කාලේ ඉවරයි. මෙන්න කාබන් ඉරි ඇඳුනු වලංගු මුදල් නෝට්ටු වල ඇති පෑන් ඉරි ඉවත් කරන සුපිරි ක්‍රම ටිකක්..
error: Content is protected !!
Verified by MonsterInsights