ස්ට්‍රෙස් එකට කෙස් යන නිසා තව ස්ට්‍රෙස් නේද ? එහෙනම් මෙන්න කෙස් යන ගැහැනු ළමයින්ට සුපිරිම පිළියම..!

ස්ට්‍රෙස් එකට කෙස් යන නිසා තව ස්ට්‍රෙස් නේද ? එහෙනම් මෙන්න කෙස් යන ගැහැනු ළමයින්ට සුපිරිම පිළියම..!

ස්ට්‍රෙස් එකට කෙස් යන නිසා තව ස්ට්‍රෙස් නේද ?
මේකට like එකක් දාලා share කරලා යන්න හොඳද 🥺❤️
පහුගිය ටිකේ මට එක්සෑම් මානසිකත්වය ඉහටම ගහලා හිටියේ. ( හැබැයි තාම පටන් ගත්තෙත් නෑ 🥲) වෙනදට ඔහොම උනාම මට ඩේලි මිග්‍රේන්. මේ ටිකේ එහෙම නෑ. මං බැලුවා ඊලගට මොන මරාලෙද පාත් වෙන්න යන්නෙ කියලා. හරියටම හරි. කොණ්ඩෙ යන්න ගත්තා 🙂
දෙයියො සිහි උනා. ඒත් කරන්න ඕන දේ දන්න හින්දා පිපියා බේරුණා. අන්න ඒ දේ තමා මං කියන්න හදන්නෙ අද.
කොන්ඩේ දෙකට බෙදාගන්න. දැති ලොකු පනාවක් ගන්න. ලී එකක් නම් හොඳයි. ප්ලාස්ටික් උනත් කමක් නෑ ඉතින්. අර හීනි දැති එකක් නෙවේ හොඳේ. තඩි දැති එකක්. පහල ඉඳන් ගැට ටික කඩාගන්න මුලින්. ( කොන්ඩෙ ගැට කඩන්නෙ ඔලුවෙ උඩ ඉඳන් පහලට පීරලා නෙවෙයි. කොන්ඩෙ මැදින් අල්ලන් මුලින් යටම ගැට ටික කඩන්න. ඒ ටික ඉවර උනාම ඊට ටිකක් උඩින් පටන් අරන් ගැට කඩන්න. ඔහොම උඩට උඩට )
ගැට නැති උනාම. හිස්මුදුනෙ ඉඳන් පටන් අරන් , ඔලුවට හොඳට දැනෙන්න , එක පැත්තක් සිය පාරක් පීරන්න. අනිත් පැත්තටත් ඒ විදිහටම කරන්න. ඔයාලා කැමතිනම් , hair essence එකක් , hair oil එකක් , බින්දු කීපයක් දාගන්න. ගොඩාක් නෙවෙයි.ඔලුව cool වෙන්න විතරයි.
ඔහොම දවස් කීපයක් කරලා බලන්නකෝ. කොන්ඩෙ යන එක අඩුවෙන හැටි. ස්ට්‍රෙස් නිසා ඔයාලගෙ ඔලුවෙ ලේ ගමනාගමනය ටිකක් ඩාම් ඩූම් වෙලා නිසා , අර ඇග මසාජ් කරාම දැනෙන සනීපය දෙන එකයි මේකෙදි කරන්නේ. හොඳට ඔලුවට දැනෙන්න කරන්න ඒ නිසා. හැබැයි ඔලුවට රිද්දගන්න හූරන්න එපා.
මතක තියාගන්න මේවා
🚫 පීරුවොත් කොණ්ඩෙ යනවා පේන නිසා පීරන්නෙ නැතුව ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔලුවට කොහෙත්ම මසාජ් එකක් නැති වෙන එක. ගැලවෙන කොන්ඩේ කොහොමත් ගැලවෙනවා. පීරුවා කියලා වෙනසක් වෙන්නෙ නෑ. ඒක අපි ඔලුවෙන් හදාගත්ත දෙයක්.
🚫 stress/exams වගේ හේතු නිසා වෙන තාවකාලික hairloss වලට විතරයි මේ ක්‍රමේ හොඳ. වෙන හේතු නිසා කොන්ඩෙ යනවානම් ඒවට ප්‍රතිකාර කරන්න.
🚫 මේකේ key trick එක සන්සුන් කම. හදිස්සියෙන් නම් මෙක කරන්න එපා. ඊට හොඳයි නොකරම ඉන්න එක. හරීම සන්සුන්ව කරන්න. සන්සුන් සින්දුවක් අහගෙන.
🚫 එක දවසක් කරලා අතාරින්න එපා. ඒ වගේම ඩෝං ගාලා යන එක නතර වෙයි කියලා හිතන්නත් එපා. Gradually අඩු වෙනවා.
තව පොඩි trick එකක් කියන්නම් , ඔයා නිදාගන්න ගියාම, කොට්ටෙ උඩින් කොණ්ඩෙ දාලා , ඇගිලි තුඩු වලින් බෙල්ලෙ හරියෙ ඉඳන් හිස් මුදුන පැත්තට අර වගේම අතගාන්න. කොන්ඩෙ සිනිඳු වෙන්න ගන්නවා. ඔයාගෙ මනස සන්සුන් වෙනවා. ඔයාගෙම ඔලුව අතගාගන්න.

copied.

Uncategorized