Home තරු ගොසිප් බොහොම ස්තූතියි මාව ප් රේමණීය මිනිහෙක් කළාට..කසුන් හීනටිගල මේ කියන කතාව මොකද්ද..

බොහොම ස්තූතියි මාව ප් රේමණීය මිනිහෙක් කළාට..කසුන් හීනටිගල මේ කියන කතාව මොකද්ද..

0
291

2025 කියන්නෙ අරුමැති අරුමැසි අවුරුද්දක් 🥰
මායි, මාධවියි ආලෙන් බැඳිච්ච දා පටන් අපේ චූටි ලෝකෙ හදාගත්තෙ බෝම මහන්සියෙන් තනියෙන්. දහසක් නින්දා, අවලාද, අපහාස මැද්දෙන්. ඒ කොහොම වුණත් ආදරේ ගැන විතරක්ම හරිම විශ්වාසෙන්. කෛලාෂ් පුතා අපේ චූටි ලෝකෙට ඇවිත් ඒක විසල් පාරාදීසයක් කරන්ට පටන්ගත්තෙ මේ අවුරුද්ද ලබන්ට ඔන්න මෙන්ට තියලා. ඒ හන්දා දෙදාස් විසිපහ මට මැරෙනකල් අමරණීයයි. පුතණ්ඩියා මයෙ පපුතුරේ උණුහුමේ හුස්මගත්තෙ, මයෙ දෑතෙ ඕවිල්ලෙ නැළවිලි හැඩ පෑවෙ, දත් එන්ට තියා හිතන්ටවත් බැරි කාලෙ පටං ඇස් හීං කරං ඉඳුදුනු හිනා පෑවෙ, කිරිදත් පොඩි ආ දා පටන් ‘අම්මා … දාදා …’ කිය කියා අනේ අපිවම හෙව්වෙ, ඉස් ඉස්සෙල්ලම පුතා නැඟිට්ටෙ, ඉන්පස්සෙ ඩිංග ඩිංග පා පොඩි තිය තියා වැටි වැටි ඇවිදින්‍ට මුල්ම පියවර තිබ්බෙ මේං මේ පට්ට සුපිපි අවුරුද්දෙ. ඉතිං මේක මට මාරයි.
ඒ විතරයැ !
අන් කවරදාටත් වඩා සුවහස් සහෘද ආදරයක් ලද්දෙ, අටලෝදම් චක්කරේ නියතිය වාගෙ තර්ජන ගර්ජනා උපහාස පවා ලද්දෙ, ඒ නමුත් කිසිවෙකුට පෙරළා වෛර නොකරන්ට ඉවසීම වඩ වඩාත් ප්‍රගුණ කරන ලද්දෙ, කුණාටු සුළි සුළං වරුසා මැද පවා අපේ පුංචි කුරුලු කූඩුව පරිස්සං කොරගත්තෙ, මගෙයි ඇඹේණිගෙයි චුට්ටි චුට්ටි හීන එව්ව මෙව්ව චුට්ට චුට්ට හැබෑ කොරගත්තෙ, බිහිසුණු ව්‍යසනයක් මැද්දෙ රටක් හුස්ම යැද්ද කාලෙ අනේ අපිට පුළු පුළුහන් හැටියට පවුල් දහස් ගාණකට නේක උපකාර කළේ, පුපුරලා කුඩුපට්ටං වෙලා ගියපු හිරෝෂිමාවෙත් සකුරා මල් පිපෙනවාමයි කියලා සහතිකවම දැනගත්තෙ මේං මේ අම්මටසිරිමය මැජිකල් අවුරුද්දෙ.
ඉතිං ආයුබෝවන් 2025 🙏 බෝම ස්තූතියි මාව ප්‍රේමණීය මිනිහෙක් කළාට !
| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Previous articleකළු පාට ගැලවුණු රයිස් කුකර් එකේ ඔයත් බත් උයනවද ? එහෙනම් ඔයත් නොපෙනෙන අනතුර ගැන තාම දනුවත් නෑ..
Next articleදවල්ට කලා පැයක් නිදාගන්න පුරුද්ද ඔයාටත් තියෙනවද ? එහෙනම් ඔයත් මේ රෝග වලට අත වනන කෙනෙක්…
error: Content is protected !!
Verified by MonsterInsights