Home දේශිය පුවත් ඒ කෙල්ලාට වාසනාව තිබුණා, වාසනාවන්තම බිරිඳ වෙන්න.. අපිට දුක හිතුණත් අද ඒ...

ඒ කෙල්ලාට වාසනාව තිබුණා, වාසනාවන්තම බිරිඳ වෙන්න.. අපිට දුක හිතුණත් අද ඒ දෙන්නා ගොඩක් සතුටෙන් ඇති.. ජීවිත‍යෙන් සමුගත් ප්‍රේමණීය ඔවුන් ගැන විශේෂ සටහනක්..

0
66

ඔහු ගැන මුහුණුපොතේ ලියැවුණු සටහන් බොහෝමයි.. මේ ඒ අතරින් තවත් විශේෂ එක් කතාවක්..

කවදාවත් දෑසින් නොපෙනුනු ඔහු වෙනුවෙන් මේ ලියැවුණේ, ඇත්තෙන්ම ඒ හදේ අවංක හැඟීමයි..

අසේල චානක රාජපක්ෂ, ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කළේ , තම ප්‍රේමාදරිය වෙනුවෙන් ඔහු මුළු ජීවිතයම කැපකළ නිසා කිව්වොත් හරි.. ඇයට දරුණු පිළිකා රෝගයක් තිබියදීත් ඇයට මහා ශක්තියක් වූ ඔහු ඊයේ උදෑසන යන්නම ගිහින්… කවදාවත් දෑසින් නොදුටු ඔහු වෙනුවෙන් පළ වුණු ඒ සටහන මෙන්න..

“අසේල මගේ මහ ලොකු යාලුවෙක් නොවුනට ,දීර්ග කාලීන ෆේස් බුක් හිතවතෙක් ,එකම එක පාරක් පොඩි චැට් එකක් දාලා තියෙනවා,එච්චරයි.. නමුත් උබ ඇවිල්ලා රත්තරන් හදවතක් තිබුන මනුස්සයෙක් කියලා මේ මුලු රටම දන්නවා..

මහමෙරක් තරම් ආදරේ කරපු තමන්ගේ කෙල්ල දවසින් දවස පරඩැලක් වගේ වැහිරෙන දිහා මහා ආයාසයකින් උබ බලන් හිටියා.. ජීවිතේ ඇත්ත තේරුම් අරන් ප්‍රශ්නවලට දහිරියෙන් මූන දුන්නා..

මේ ලෝකේ වාසනාවන්තම බිරිද වෙන්න උබේ කෙල්ලට වාසනාව තිබුනා.. මොනවා කරන්නද ,ස්වභාවධර්මය අපිට දෙයක් දෙනකොට කොහේ හෝ හිස්තැනක් තියලා තමයි දෙන්නේ, ඒක තමයි ලොක ස්වභාවය..

අපිට දුකක් දැනුනාට උබල දෙන්නට අද හරිම සතුටු දවසක් වෙන්න ඇති.. මොකද ගොඩ දවසකින් අද දෙන්නට දෙන්න ආදරෙන් තුරුලු වෙලා ඇති.. එහෙනම් සුබ ගමන් මිත්ත්‍රයා.. අපිටත් දවසක් යන්න වෙනවා ලී කුඩුවක.. එතකන් කෙටි විරාමයක් ගමු..”

Previous articleඒ රාත්‍රිය ඈ විශේෂයි. රටක් ආදරේ කරන ඇයට එදා අමතක නොවන දිනයක්
Next articleගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්
error: Content is protected !!
Verified by MonsterInsights