Home දේශිය පුවත් වෙනදා වගේම සතුටෙන් පාසල් ගිය ඇය ආයේත් නිවසට එන එකක් නෑ කියලා...

වෙනදා වගේම සතුටෙන් පාසල් ගිය ඇය ආයේත් නිවසට එන එකක් නෑ කියලා ඒ අම්මා නම් හීනයකින්වත් හිතන්නට නැතුව ඇති.. ඇසූවන් කම්පනයට පත්වෙන ඇයගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

0
1271

ඇය එදා දවසෙත් පාසලට යන්න ඇත්තේ වෙනදා හිතේ පුරවාගත්ත සතුටෙන්ම වෙන්න ඇති. ඒත් ඒ හැම සතුටක්ම එක නිමේෂයකින් ඇයට අහිමි වෙනවා.

ඒ කියන්න යන්නේ, වයස අවුරුදු 11ක් වූ පාසල් දැරියක් ගැන ඇසෙන විශේෂ කතාවක් ඇය ඊයේ මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් මියගොස් තිබෙනවා.

ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ඊයේ දහවල් මේ අනතුර සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..

Previous articleජීවිතයේ තවත් එක් සුන්දර කඩඉමක් සනිටුහන් කරමින්, ආදරණීයයන් මැද සැමරූ ඒ සොඳුරු මොහොත මෙන්න.
Next article“හදිසියේ දරුවෝ අසනීප වුනාම දෙමව්පියෝ හිතෙන් අසනීප වෙනවා..” පුංචි රාහුල් වෙනුවෙන් ඇය එක්කළ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights