Home තරු ගොසිප් ඒ අවශ්‍යතාව බිරිඳට සහ සැමියාට තියෙන්නම ඕන.. ආදරණීය නෙහාරා මේ කියන්නේ හරිම...

ඒ අවශ්‍යතාව බිරිඳට සහ සැමියාට තියෙන්නම ඕන.. ආදරණීය නෙහාරා මේ කියන්නේ හරිම වෙනස් කතාවක්..

0
486

ඇයගේ ආදරණීය කැදැල්ලට ආදරය කරන බොහෝ දෙනා මේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.

මේනක සහ නෙහාරා මේ වෙනකොට මේ ජනප්‍රිය යුවල විදෙස් රටක කල් ගෙවන්නේ ඒ දෙන්නාගේ ආදරණිය පුංචි පැටව් දෙන්නා එක්කයි.

ඒත් මේ අය තවමත් ලංකාවේ ඉන්න රසික රසිකාවියන් අමතක කරලා නැහැ. ඒ නිසා ලංකාවේ ඉන්න ඒ අය වෙනුවෙන් තමන්ගේ පවුලේ විශේෂ දවස් ගැන සමාජමාධ්‍යට නෙහාරා නිතර දෙවේලේ සටහන් පළ කරනවා.

ඒ විතරක් නෙවෙයි, පසුගිය කාලයේ ඇය කියූ මෙන්න මේ වගේ කතාවක් අදටත් සමාජ මාධ්‍යවල දැකගන්න පුළුවන්. ඇත්තටම ඔවුන් ජීවිතේ ගැන දකින්නේ ගොඩක් පුළුල්වයි.

ගොඩක් අය ලස්සන පවුල් ජීවිතයක් ගැන හීන දකින්නේ මෙන්න මේ දේවල් ගැන හිතලා වුණත් නෙහාරා කියන්නේ ඔයාලට නැවත වරක් සිතිය යුතුම වෙනස් කතාවක්..

“විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන්න හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව විවාහ වුණාම දරුවෙක් ඕනි කියන මතය නිසාවත්, මවුපියන්ගේ බල කිරීමටවත්, සමාජයෙන් විවේචන අහන්න ලැබෙයි කියන බය නිසාවත්, වයසට ගියාම සලකන්න කෙනෙක් නැතිවෙයි කියලා හිතන නිසාවත් දරුවෝ හදලා වැඩක් නැහැ.

බිරිද සහ සැමියට දරුවෙකුගේ අවශ්‍යතාව දැනෙන්න ඕනෑ. දරුවෝ ලෝකයට එන්නේ මවුපියන්ගේ උවමනාවට.

ඒ නිසා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මටයි තාත්තටයි ඒ දරුවගේ මූලික අවශ්‍යතා ටික හරි ලබා දෙන්න හැකියාවක් තියෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් ඒ දරුවෝ අසරණ වෙනවා. දවසක ඔවුන් සමාජයේ යහපත් අය වෙන්න මේ දේවල් බලපානවා.”

Previous articleකවුද මේ සංගීතා.. අතීත මතක අවුස්සන දිනී ඇයගේ මිතුරියක් වෙනුවෙන් තැබූ ඒ සටහන මෙන්න..
Next articleදවසින් දවස කතා මවන රන්මිලෙන් අද නම් ඔන්න සහනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights