පැරණි පෙම්වතිය දෙවෙනි බිරිඳ කරගත් කලා ලෝකයට ගීත රැසක් දායාද කල නාරද දිසාසේකර ගැන ඇසෙන ඒ කතාව…

පැරණි පෙම්වතිය දෙවෙනි බිරිඳ කරගත් කලා ලෝකයට ගීත රැසක් දායාද කල නාරද දිසාසේකර ගැන ඇසෙන ඒ කතාව…

පැරණි පෙම්වතිය දෙවන බිරිඳ කරගත් නාරද දිසාසේකර
නාරද දිසාසේකර කියන්නේ දශක ගනනාවක් තුල ලාංකේය ගීත කලාව පෝෂනය කරන්න සුන්දර ගීත රැසක් දායාද කළ සුවිශේෂී හඬක් හිමි වූ විශේෂ ගායකයෙක්.. මේ ලිපිය ඔහුගේ ගීත සම්බන්ධයෙන්නම් නෙවෙයි . ඔහුගේ පෞද්ගලික ජීවිතය තුලදී සිදුවූ ප්‍රේමනීය මතක සටහනක ආවර්ජනයක්.

නාරදට වයස අවුරුදු 27දී එනම් 1959 වසරේදී අපූරු යුවතියක් මුණගැසී තිබෙනවා. ඒ ඔහුගේ රසිකාවියක්. යුවතියක් කිව්වට මේ රසිකාවිය යුවතියක් නෙවෙයි අවුරුදු 11ක කුඩා දැරියක්. මෙයාගේ නම නිලංගනී . කොහොම කොහොම හරි මේ දෙන්නා නිලංගනීගේ ඥාති නිවසකදී නිතර නිතර මුණගැසී තිබුනේ නාරද මේ නිවසට නිතර පැමිනෙන නිසාවෙනුයි.

වයස අවුරුදු 27ක් උනත් නාරද මේ අවුරුදු 11 වයස දැරිය සමගින් පෙමින්වෙලෙන්නට තීරණ කරනවා.. නමුත් මේ සම්බන්දයට නිලංගනීගේ පවුලෙන් විරුද්දවීම නිසා ඔවුන්ට වෙන්වෙන්නට සිදුවෙනවා.

කාලයාගේ ඇවෑමෙන් නිලංගනී විවාහවී යුරෝපයේ පදිංචියට යන අතර, ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක් වනවා. නමුත් අභාග්‍ය සම්පන්නලෙස ඇගේ සැමියා වසරකීපයකට පසුව මියයනවා.

මේ කාලයේදීයි, නාරද දිසාසේකර ඔහුට වයස අවුරුදු 46 දී ජනප්‍රිය තරුණ ගුවන්විදුලි නිවේදිකාවක් වූ තිලකා රණසිංහ හා විවාහ වන්නේ . ඒ 1979 වසරේදීයි. ඉන් වසර 4කට පසුව ඔවුන්ට සාරංග දිසාසේකර නමින් නම් ලද පුතෙකූ උපදිනවා. නමුත් නාරද සහ තිලකාගේ විවාහය එතරම් කාලයක් පැවති විවාහයක් නොවෙයි. යම් යම් හේතු කාරනා නිසා ඔවුන්ගේ විවාහය දෙදරා යන අතර 1988 වසරේදී තිලකා වෙත පුතුගේ අයිතිය හිමිව ඔවුන්ගේ දික්කසාදය සිද්ධවෙනවා.

මේ වන විට ඔහුගේ කලින් පෙම්වතිය නිලංගනී වැන්දඹුවක්ව ජීවත් වූ අතර දෛවය ඔවුන් දෙදෙනාටම ලියැවුනාක් මෙන් යළිත් නාරදට නිලංගනී හමුවෙනවා. ඒ වනවිට දික්කසාද වී සිටි නාරද , සැමියා අහිමිව සිටි නිලංගනී හා නැවත විවාහ වනවා.

2010 වසරේදී නාරද දිසාසේකර මිය යන අතර ඔහු මිය යන්නේ ඔහුට වයස අවුරුදු 27 දී හමුවූ වයස අවුරුදු 11ක්වසිටි පෙම්වතියගේ උකුලේදීයි..

නිලංගනී දිසාසේකර පසු කාලීනව නාරද වෙනුවෙන් බොහෝ පිංකම් පැවැත්වූ අතර ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පවා සංවිධානය කළා. නමුත් බොහෝ අය අදටත් නාරද දිසාසේකරගේ දෙවන බිරිඳ කවුරුන්ද කියා දන්නේ නැතිව ඇති.

(ආදර කතාවේ සාරාංශගත තතු.. “මුදු හදවතක තතු” නම් ඉනෝකා පෙරේරා බන්ඩාර ලියු නාරද දිසාසේකරගේ චරිතාපදාන කෘතිය ඇසුරෙනි..)

credit goes to – Mmp.Ranaweera –

Local Gossip