Home දේශිය පුවත් සම්මානයක් ලබාගත්තාට පස්සේ ඔහුට තියන ලොකුම සතුට ඒක.. සජිත කියූ ඒ ආදරණීය...

සම්මානයක් ලබාගත්තාට පස්සේ ඔහුට තියන ලොකුම සතුට ඒක.. සජිත කියූ ඒ ආදරණීය කතාව මෙන්න..

0
38

කලාවට ඔහු අත්පොත් තබන්නේ කලා පවුලකින් ඔහුට ලැබුණු දායාදත් එක්කමයි..

සජිත අනුත්තර ඇන්තනී.. ලංකාවේ කාගේත් ආකර්ෂණය දිනාගත්තු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්.. කලාවේ සියුම් තැන් පවා ස්පර්ශ කරන මේ ප්‍රතිභාණ්විත රංගන ශිල්පියා, පසුගිය දිනක පැවැත්වුණු සරසවි සම්මාන උළෙලේදී සම්මානයකට පාත්‍ර වෙනවා..

ඒ හොඳම සහාය නළුවා සම්මානයටයි.. සජිතගේ මේ අවස්ථාවට ඇගේ පවුලේ බොහෝ පිරිසක් එක් වෙලා හිටියා..

ඒ වගේමයි එදා දවසේ ඔහුට ඔහුගේ අප්පච්චි නැති අඩුවත් නොදැනුනා කියන්නම බැහැ.. සතුට දෝරගන්න මොහොතක වුණත්, ජැක්සන් ඇන්ටනී නම් වූ ඒ ප්‍රතාපවත් චරිතය නැති අඩුව සජිතට දැනෙන්න ඇති..

දරුවන් දිනන හැම මොහොතකදීම සතුටු වෙන අම්මා කෙනෙක් විදිහට සජිතගේ ආදරණීය අම්මාඒ මොහොතේදී ඔහුගේ පිටුපසින්ම හිටියා.. ඉතින් ඔහු ලබා ගත්ත එය සම්මානය අම්මගේදෝතින්ම ගෙදර සම්මාන රාක්කයේ තියෙන තරම් සතුටක් සජිතට තවත් නැති තරම්..

ඒ මොහොත ගැන ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවලට මෙන්න මේ විදිහට සටහනක් එක් කරලා තිබුණා..

“වේදිකාවක් මත සම්මානයක් ලබන සතුටට පසුව ලබන ලොකුම සතුට අම්මාගේ අතින් ඒ සම්මානය රාක්කයේ ස්ථානගත කිරීම..”

Previous articleතාත්තා කිව්වා අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් උබලා බඩගින්නේ ඉන්නෙ නැහැ කියලා.
Next articleකුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවාගේ නැතිවීම පසුපස සැඟවුණු අබිරහසක්…? සිද්ධිය ගැන ඇසෙන ඇග කිරිපොලා යන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights