Home දේශිය පුවත් “28 වන දින මගේ ජීවිතේ ලස්සනම දවස..” අමතක නොවෙන මතක ගොන්නක් එක්ක...

“28 වන දින මගේ ජීවිතේ ලස්සනම දවස..” අමතක නොවෙන මතක ගොන්නක් එක්ක තරින්දි එක්කළ ආදරණීය සටහනක් මෙන්න..

0
43

 

ඇය වර්තමානයේ කලා ලෝකයේ දිදුලන තරුවක්.

නම ඇසූ පමණින් කවුරුත් දන්නා ඇය තරින්දි ප්‍රනාන්දු, ළඟදී දවසක තරින්දි ගොඩක් දෙනෙක්ගේ අවදානය දිනාගත්ත උපන්දින සාදයක් පවත්වලා තිබුණා.

ඇත්තටම ඒ නම් උත්කෂවත් රාත්‍රියක්.

එහි තවත් එක් විශේෂත්වයක් තිබුණා. ඒ එකම දවසේ උපන්දිනය සමරන තවත් කලාතරු ගොන්නක් එක්ක ඇයට මේ උපන්දිනය සමරන්න ලැබිමයි.

කොහොම වුණත්, මේ විශේෂ දවසත් එක්කම මෙන්න මේ වගේ සටහනක් තරින්දි ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“28 වන දින මගේ ජීවිතේ ලස්සනම දවස…. මගෙ උපන්දිනය
මගේ ආදරණීය අම්මා අද ඔයාල ආදරේ කරන තරුව ලෝකෙට බිහි කරපු ඒ ලස්සන දවස…
ඉතින් ඒ ලස්සන දවස වෙනුවෙන් මට කතා කරල, message කරල, තෑගි,මල් එවල සුබ පැතුම් එක්කරපු මට ආදරේ කරන,මගේ සතුටෙදි අවංකව මාත් එක්ක සතුටු වෙන ,දුකකදි මගේ දුක බෙදාගන්න ලඟින් ඉන්න ,මගේ ජයග්‍රාහී තැන් වල අවංකව සතුටුවෙන ,පරාජය වන තැන්වල මගේ හයියට ඉන්න මගෙ අම්ම,තාත්ත,අක්ක,සඳෙව්,චතුර වගේම මගේ නැදෑයන් ,යාළුවො,(ක්ෂේත්‍රයේ ,ගමේ, බැංකු ක්ෂේත්‍රයේ,රටවල්වල),ගුරුවරු
සහ මගේ ආදරණිය උත්තේජනය මගේ ප්‍රේක්ෂක පිරසට ස්තූතියි..
28 වන දිනෙන් ආරම්භ වුන මගේ අලුත් අවුරුද්ද, රංගන ක්ෂේත්‍රය තුල වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුල නව පිබිදීමක් සමග ආරම්භ කරන්න මේ දවස් වල මම මහන්සි වෙනව.. ඒ ගැන තොරතුරු ඉක්මනටම ඔබ අතරට ඒවි..
එහෙනම් මම නවතින්නම්..
ස්තූතියි නැවතත් මගේ උපන් දින සුබ පැතුම්වලට.. බුදු සරණයි.. ජේසු පිහිටයි..”

Previous articleදියවැඩියාව තියෙන අයට සීනි වෙනුවට සුපිරිම ආදේශකයක් මෙන්න
Next articleරන් වෙළඳපොළ තව තවත් පහළට.. අද පවුමක මිල ගණන් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights