හැමෝම ආදරේ කරන අප්සරාවිය – පූජා උමාශංකර් කාලෙකට පස්සේ යලිත් කරළියට..!

හැමෝම ආදරේ කරන අප්සරාවිය – පූජා උමාශංකර් කාලෙකට පස්සේ යලිත් කරළියට..!

පූජා උමාශංකර් කියන නම ඇසුණු සැණින් ඔබට ඇගේ සුන්දරත්වය පිරුණු ඒ රුව මතක් වෙනවා ඇති. ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් වන ඇය දෙමළ සහ සිංහල, තෙලිඟු, මලයාලම් සහ සිනමාවන් නියෝජනය කරන රංගන ශිල්පිනියක්.

ඇය අපේ රටේ අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම සිය ප්‍රතිභාන්විත රංඟනයෙන් ඔපවත් කළා… මෙරට සිනමාවට අංජලිකා චිත්‍රපටයෙන් සිය ගමන ඇරඹූ ඇය ඉන් පසු ආසයි මං පියාඹන්න, යහළුවෝ, සුවඳ දැනුණා ජීවිතේ, කුස පබා, පත්තිනි, සරිගම යන සිනමාපටවලට රංගනයෙන් දායක වූවා.

පූජා ඉන්දීය සිනමාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ බාලගේ “නාන් කඩවුල්” චිත්‍රපටයෙන්. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ හිඟන්නියකගේ චරිතය සඳහා දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබුණා.

පූජා උමාශංකර් සැබෑ ජීවිතයේ නිහතමානී කාරුණික රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්නවා. ඒ නිසාම කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක් පූජා කියන්නේ. ඇය ඒ තරම් ලෙන්ගතුයි .. දයාවන්තයි…

ඉතිං පූජා උමාශංකර්ගේ ලස්සන ඡායාරූප බලන්නකෝ..

ඇය ඔස්ට්‍රේලියාවේ තමයි මේ ෆොටෝස් අරන් තියෙන්නේ… ඒ පින්තූරවලට ඇය මෙන්න මේ විදියට සටහනක් එකතු කරලා තියෙනවා…

Local Gossip