Home සයුරෙන් එහා පුවත් ආලෙන් වෙලා ගන්න කෝලම් කරලා , රැකියාවෙන් ඉල්ලා අස්වුණු Astronomer CEO ට...

ආලෙන් වෙලා ගන්න කෝලම් කරලා , රැකියාවෙන් ඉල්ලා අස්වුණු Astronomer CEO ට අන්තිමේට උලත් නෑ පිලත් නෑ ….

0
49

 

පසුගිය දිනවල ලෝකය කතාබහ කරපු ජනප්‍රිය යුවලක් හිටියා… ඔවුන්ව එක මොහොතකින් ලෝකයම දැනගත්තා.. ඒ Astronomer හී CEO සහ එම ආයතනයේම මානව සම්පත් ප්‍රධානියා Kristin Cabot … තවත් විදියකින් කියනවානම් Chief People Officer ලෙස සේවය කරන තැනැත්තිය…

ඔන්න ඉතිං මේ දෙන්නා බොහොම ආදරෙන් තුරුළු වෙලා ඉන්න මොහොතක් අහම්බෙන් කැමරාවක සනිටුහන් වුණා.. ඊට පස්සේ සිදු වුණේ හිතා ගන්නවත් බැරි දේවල් පෙළක්..

මැසචුසෙට් හි පැවැති Coldplay සංගීත ප්‍රසංගයේදී එම වැළඳ ගනිමින් සිටි අවස්ථාව පුළුල් තිරයක පෙන්වා තිබුණා… හැමදේම එක මොහොතකින් වෙනස් වෙන්න පටන් ගත්තා …

එය ප්‍රදර්ශනය වීමත් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් Astronomer (ඇස්ට්‍රෝනෝමර්) තාක්ෂණික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

එම ඉල්ලා අස්වීම අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Previous articleඅදටත් පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි…” – වසර 15ක් සඟවාසිටි රහස පියුමි හංසමාලි හෙළි කරයි.
Next articleසංචාරක කර්මාන්තය ගොඩගන්න ඉන්දියාවේ සුපිරි නළු නිලියෝ එකතු කරන ආණ්ඩුව කරන්න යන වැඩේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights