Home සයුරෙන් එහා පුවත් නොසිතූ මොහොතක බස් රථය අනතුරට පත් වෙයි! ජීවිත 24ක් නිහඬ වෙද්දී තවමත්...

නොසිතූ මොහොතක බස් රථය අනතුරට පත් වෙයි! ජීවිත 24ක් නිහඬ වෙද්දී තවමත් සිය ගණනක් බලාපොරොත්තු අත්නොහැර සොයයි..

0
949

අසල්වැසි බංග්ලාදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වනවා.

එරට රාජ්බාර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පාලනය කරගත නොහැකිව අසල පිහිටි පද්මා ගඟට (Padma River) පෙරළීමෙන් සිදු වූ දරුණු අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වන අන්දමට අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. ගඟට පෙරළුණු බස් රථය තුළ සිටි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති අතර, බංග්ලාදේශ සහන සේවා කණ්ඩායම් සහ කිමිදුම්කරුවන් එක්ව ඔවුන් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිතර නිතර රිය අනතුරු වාර්තා වන බංග්ලාදේශයේ, මෙම අවාසනාවන්ත සිදුවීම මුළු රටම කම්පාවට පත් කර තිබෙනවා.

Previous articleකුඩුම්බිගල අසපුව කඳුළින් තෙත් වෙයි.වන දිවියකුගේ ගොදුරක් වූ විදෙස් හිමිනමගේ ශෝකජනක කතාව.
Next articleසිංහල අලුත් අවුරුද්දට පෙර අනුර කුමාර දිසානායක මහතා අතින් නවීන පහසුකම් සහිත CTB බස් නැවතුම් පොළක් ජනතා අයිතියට..
error: Content is protected !!
Verified by MonsterInsights