ඒ ගැනයි..
පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට හේතුව, රියදුරුගේ අධික තෙහෙට්ටුව, විඩාව සහ නින්දයාම යන කරුණු බවට අනාවරණ වී තිබෙනවා…
එම අනතුර සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුලත් වාර්තාව, එම කමිටුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට භාරදෙනු ලැබුවා..
ඉන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව කියා සිටියේ..
