Home දේශිය පුවත් අපේ ථේරවාදී බුදු දහම නව තාක්ෂණයෙන් ලොවට රැගෙන ගිය ඩෙන්මාර්ක් ජාතික මෙත්තාවිහාරි...

අපේ ථේරවාදී බුදු දහම නව තාක්ෂණයෙන් ලොවට රැගෙන ගිය ඩෙන්මාර්ක් ජාතික මෙත්තාවිහාරි හිමියෝ අපවත් වෙයි.

0
45

 

 

අපේ ථෙරවාදී බුදු දහම නව තාක්‍ෂණයෙන් ලොවට ගෙන ගිය
ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදු සමයට අගනා මෙහෙවරක් සිදු කළ ඩෙනිස් ජාතිකව උපත ලද මෙත්තාවිහාරි හිමියෝ සිය මව්බිම වන ඩෙන්මාර්ක්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී වදාළහ.

කොළඹ 07 නාරද මන්දිරයෙහි දිගු කලක් වැඩ විසූ උන්වහන්සේ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ සංකල්පනාවක් අනුව ලක්බිමින් ත්‍රිපිටකය පරිගණකගත කොට නව තාක්ෂණයෙන් ලෝකයට නොමිලේ බෙදා හැරීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළහ. 1988 ජූනි 26 දා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ ද, අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ද ආචාර්යත්වයෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි දී පැවිදි දිවියට පත් වූ මෙත්තාවිහාරි හිමියෝ සිය නමටම අන්වර්ථ වන ලෙස මෙත් සිත් වඩමින් පරෝපකාරී වූහ.

සිංහල බස කතා කිරීමෙහි ද චතුරතාවක් දැක්වූ උන්වහන්සේ ‘ධම්මවාහිනී’ නමින් ආගමික විද්‍යුත් නාළිකාවක් ආරම්භ කොට පසුව එය සිසුනට විවිධ විෂය සම්බන්ධයෙන් දැනුම ලබාදෙන අධ්‍යාපන නාළිකාවක් බවට පුළුල් කළහ. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කළ උන්වහන්සේ මේ සියලු මෙහෙවර සිදු කළේ නිස්සරණාධ්‍යාශයෙනි.

චාරිත්‍රානුකූල පංශුකූල වතාවත් ඊයේ සවස කොළඹ 07 නාරද බෞද්ධ ධර්මායතනයෙහි දී පැවැත්විණි. උන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද (9 දා) කෝපන්හේගන් නුවර දී සිදු කෙරේ.

Previous articleමේක නම් ඇත්තටම වාසනාවන්ත ගෙදරක්! සොබා දහමට ආදරය කරන තරමට සොබාදහම අපව ආරක්ෂා කරනවා කියන්නේ මේකට.
Next articleහදවත ගැනත් හිතන්න. දිට්වා සුළි කුණාටුව රටට විතරක් නොවෙයි ඔබේ හදවතටත් බලපෑම් එල්ල කරලා.
error: Content is protected !!
Verified by MonsterInsights