තරුණ හීන බොඳ කරන, යකඩ හීන! විදුලි කණුවක ගැටී ජීවන ගමන නිම කළ මිතුරන් දෙදෙනා… – Photos
මේ තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්.
දිවුලපිටිය දූනගහ – ගොඩිගමුව මාර්ගයේ අද සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එහිදී එක් තරුණයෙකු එම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී අතර අනිත් පුද්ගලයා මීගමුව රෝහල් ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව සදහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන බඩල්ගම ඉහළ මඩන්පැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.











