Home දේශිය පුවත් පන්ති කාමරයේදී මල් කැකුලකට ඛේදජනක ඉරණමක් අත්කරදුන් ගුරුවරියට අත් වූ ඉරණම…

පන්ති කාමරයේදී මල් කැකුලකට ඛේදජනක ඉරණමක් අත්කරදුන් ගුරුවරියට අත් වූ ඉරණම…

0
64

දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ වයස අවුරුදු 08ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින්.

අදාළ ගුරුවරිය සිසුවිය පන්ති කාමරයේ රැඳී සිටියදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබු අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ මව්පියන් විසින් ගුරුවරියට එරෙහිව නඩු පවරා දැඩි දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාළ පාසල් ගුරුවරිය සියලු චෝදනාවන්ට වරදකාරිය වීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ගුරුවරිය මානසික සෞඛ්‍ය ප්‍රථිකාර ලබමින් සිටි අයෙකු බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සදහන්.

Previous articleඋදෑසනින්ම ඇසෙන කණගාටුදායක පුවතක්.. දශක පහකට වැඩි කලක් රංගනයෙන් කාගේත් ආදර දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් ජීවන රඟමඩලින් බැස යයි..
Next articleහරියට බුදුන් දැක්කා වගේ – මහින්ද බලන්න ගිය ජැක්සන් බිරිය කියයි
error: Content is protected !!
Verified by MonsterInsights