දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ වයස අවුරුදු 08ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින්.
අදාළ ගුරුවරිය සිසුවිය පන්ති කාමරයේ රැඳී සිටියදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබු අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ මව්පියන් විසින් ගුරුවරියට එරෙහිව නඩු පවරා දැඩි දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාළ පාසල් ගුරුවරිය සියලු චෝදනාවන්ට වරදකාරිය වීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ගුරුවරිය මානසික සෞඛ්‍ය ප්‍රථිකාර ලබමින් සිටි අයෙකු බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සදහන්.
