මේ අවාසනාවන්ත පුවත වාර්තාවෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීවිකාවක ඇගේ පියා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
ගුරුග්‍රෑම් හි සුෂාන්ත් ලොක්හිදී අද තම දියණිය වන රාධිකා යාදව් නම් ටෙනිස් ක්‍රීඩිකාවට වෙඩි ප්‍රහාර පහක් ඇගේ පියා එල්ල කළ අතර, ඉන් තුනක් ඇයට වැදී ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
ඔවුන් ජීවත් වී ඇත්තේ ගුරුග්‍රෑම් හි සුෂාන්ත් ලොක්-අදියර 2 හි වන අතර තම දියණිය ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝ සෑදීමට ඇබ්බැහි වීම ගැන පියා කලකිරී සිට ඇති බව සදහන්.
රාධිකා රාජ්‍ය මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ අතර ඇය තරඟ කිහිපයක් ජයග්‍රහණය කර තිබූණා.
දියණියගේ ඝාතනයෙන් පසු ඇගේ පියා ,තුවක්කුව සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා












