Home සයුරෙන් එහා පුවත් ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්…? ලොවක් ආන්දෝලනයකට ලක් කල කතාවක් ගැන ඇසෙන අලුත්...

ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්…? ලොවක් ආන්දෝලනයකට ලක් කල කතාවක් ගැන ඇසෙන අලුත් හුටපටය මෙන්න

0
85

මේ ප්‍රංශ ජනපතිගේ බිරිඳ ගැන ඇහෙන අලුත්ම කතාවක්.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් උපතින් පුරුෂයෙක් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය යූටියුබ් ක්‍රියාකාරිනියන් දෙදෙනෙක්ට විරුද්ධව එරට ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

බ්‍රිජිට් මැක්‍රොන් ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් පසු ජනාධිපතිවරයා සමග විවාහ වී ඇති බවයි අදාළ යූටියුබ් ක්‍රියාකාරිනියන් සදහන් කර ඇත්තේ.

2021 දෙසැම්බර් මස අමන්ඩින් රෝයි නම් යූටියුබ් ක්‍රියාකාරිනිය නටාෂා රේ නම් මාධ්‍යවේදිනියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී නටාෂා රේ ප්‍රකාශ කළේ බ්‍රිජිට් යනු සැබවින්ම කාන්තාවක් නොව ‘ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස්’ නම් වූ පුරුෂයෙක් බවයි.

මෙහිදී විශේෂත්වය වන්නේ ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස් යනු බ්‍රිජිට් මැක්‍රොන්ගේම සහෝදරයාගේ නම වීමයි.

ඒ අනුව මෙම චෝදනාවලට විරුද්ධව බ්‍රිජිට් මැක්‍රොන් පැරිස් අධිකරණයක නඩු පැවරූ අතර 2023 සැප්තැම්බර් මාසයේදී අඳාළ කාන්තාවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කර තිබෙන බව සඳහන්.

එසේම බ්‍රිජිට් මැක්‍රොන්ට සහ ඇගේ සහෝදරයාට වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

එහෙත් පැරිස් අභියාචනාධිකරණයක් එම තීන්දුව මේ වසරේ ජූලි 10 වන දින අවලංගු කර ඇති අතර එනිසා එම තීන්දුවට විරුද්ධව බ්‍රිජිට් මැක්‍රොන් සහ ඇගේ සහෝදරයා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Previous articleපහුගියදා ලංකාවට ආපු ලොවක් වශී කල සනී ලියෝන් ලංකාවේ තැඹිලි වලට හිත ගිහින්..
Next articleපහුගියදා රටක් කැළඹූ ඒ දෙන්නා, හොඳම ටෙලි නාට්‍ය නිලියට සම්මාන දිනූ තරින්දිට චතුර තැබූ ආදරණීය සුබපැතුම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights