හො රුන් ටිකක් එකතු වෙලා අයිතිකරුවන්ගෙන් හො රකම් කරපු බව්වො 7 දෙනෙක්, ජීවිතයත් මර ණයත් අතර තත්වයකින් බේරිලා ආපහු තමන්ගේ ගෙවල් තියෙන ගම හොයන් ආපු, චීනයෙන් වාර්තා වෙන මේ කතාව මේ වෙද්දි මුලු ලෝකයම පුදුම කරලා තියෙනවා.
මේ බව්වො 7 දෙනා දම්වැල් වලින් බැඳලා හො රකම් කරන් ගිහින් තිබුණත්, ඒ බව්වෝ ටික තම තමන්ට උදව් කරගෙන ඒ දම්වැල් කඩාගෙන පැනලා ගිහින් තියෙනවා. දින ගානක් තිස්සේ, හරියට කෑමක් බීමක්වත් නැතුව, කිලෝමීටර් 17ක දුරක් ගෙවාගෙන මේ 7 දෙනා එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙන්නෙ නැතුව ආපහු එයාලගේ ආදරණීය ගෙවල් හොයාගෙන ඇවිත් තියෙනවා.
මෙතන එක බව්වෙක්ට තුවාල වෙලා ඇවිදින්න අපහසුවක් තිබිලා තියෙනවා. එයාවත් අරක්ශා කරගෙන තමයි එයාලා එන්නෙ. ඒ ගමන මැදදිත් එයාලා එක්කෙනෙක්ට එක්කෙනෙක් අතහැරියේ නැහැ.
මේක බව්වො හත්දෙනෙක්ගේ නිකම්ම නිකන් කතාවක් නෙවෙයි, මේක එකිනෙකා අත්හැරන්නේ නැති විශ්වාසය, භ ය සහ දු ක මැදත් නවතින්නේ නැති ධෛර්යය ගැන කියන සත්‍ය කතාවක්.












