Home සයුරෙන් එහා පුවත් සුදු ජාතිකයින්ගෙන් ඉහළම ගෞරවය.. ඕස්ට්‍රේලියානු ඉතිහාසය වෙනස් කරමින් අපේ ජය ශ්‍රී මහා...

සුදු ජාතිකයින්ගෙන් ඉහළම ගෞරවය.. ඕස්ට්‍රේලියානු ඉතිහාසය වෙනස් කරමින් අපේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ගැන ඇසුණු සුවිශේෂී ආරංචියක් මෙන්න.

0
37
ශ්‍රී ලංකාවේ අපේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ඉහළම ගෞරවය මෙය බව නම් නොරහසක්..

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපූරු පුවතක් වාර්තා වෙන ඒ පුවත මොකක්ද කියලා දැනගන්න කැමතිද..? ඒ තමයි මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නාවෙන් වැඩම කරවා, බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාර භූමියේ රෝපණය කළ ජය ශ්‍රී මහා බෝධි අංකුර වහන්සේ පිළිබඳවයි.

මේ පුවත විශේෂ වන්නේ, එම බෝධි අංකුර වහන්සේව ඉතා වැදගත් වෘක්ෂයක් ලෙස සලකා ඕස්ට්‍ර්‍ර්ලියානු උරුම ලැයිස්තුවට (National Trust Register of Significant Trees) නම් කිරීම නිසයි. මෙය ඕස්ට්‍ර්‍ර්ලියානු ඉතිහාසය තුළ ආගමික වස්තුවක් මෙලෙස උරුම ලැයිස්තුවට ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනවා.

පසුගියදා පැවැති මෙම ඓතිහාසික මහෝත්සවයට මෙරටින් මෙන්ම එරටින් ද ඉහළ පෙළේ අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම, වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන්, වික්ටෝරියානු කථානායක මාරි එඩ්වඩ්ස්, ඕස්ට්‍ර්‍ර්ලියානු ජාතික උරුම කමිටුවේ සභාපතිනි කොලට් බේරෙනන් සහ බෙන්ඩිගෝ නගරාධිපති තෝමස් ප්‍රින්ස් යන පිරිස ඊට එක්වුණා.

මීට අමතරව විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙය විදෙස් රටකදී අපේ උරුමයකට ලැබුණු සුවිශේෂී ඇගයීමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

Previous articleහෙට ඉදන් සම්මාන බිමින් තියලා ආපහු වැඩට යනවා – වසරේ ජනප්‍රියතම නළුවා ලෙසින් සම්මාන දිනූ චතුරංග කී නිහතමානි කතාව මෙන්න.
Next articleරයිගම් ටෙලි වේදිකාවේ ජය අහිමි වූවත් රසික හදවත් දිනූ යුරේනිගේ සංවේදී සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights