2025 අගෝස්තු 18 වන දින ඇයගේ ජීවිතයට ගොඩක් විශේෂ වුණු දවසක්..
ඒ ඇයි කියන්න දන්නවාද..? ඉන්දියාවේ මෙවර විශ්ව රූ රැජින විදිහට කිරුළු දැරීමත් එක්කයි.
කවුද මේ සුරූපිනිය, මණිකා විශ්වකර්ම.. ලෝකයම ඇය ගැන කතාවෙන්නේ වෙන කිසිම හේතුවක් නෙවෙයි, ඇයගේ තියන සුන්දරත්වය නිසාමයි.
ඈයට බොහෝ දෙනෙක් කිව්වේ ඇය ඇත්තටම ලස්සන “Barbie Doll” කෙනෙක් වගේ සුරූපිනියක් කියලා. ඇගේ විලාසිතාපවා ඒ තරම් කාන්තිමත්.
විශ්ව රූ රැජින ඉතිහාසයත් එක්ක ඉන්දියාවට ඇත්තේ විශේෂ සම්බන්ධයක්. ඉතින් ඉන්දීය ඉතිහාසයේ මේ කිරුළ ගැන ඇති බලාපොරොත්තුව ඇයට අලුතෙන් ලියන්න හැකිවේවිද..?
මේ අන්න ඒ බලාපොරොත්තුව සහිතව මණිකා ගැන බොහෝ දෙනා කතා කරන කාලයක්..















