Home දේශිය පුවත් පොළිය 3%යි..” – බැංකු 13ක් සූදානම්..

පොළිය 3%යි..” – බැංකු 13ක් සූදානම්..

0
7769

දිට්වා සුළි කුණාටුවේ රුදුරු බලපෑමෙන් සියල්ල අහිමි වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ගොවි ජනතාවට යළිත් හුස්ම ගන්නට අවස්ථාව උදා කරමින් රජය අතිවිශේෂ සහන පෙළක් නිවේදනය කර තිබෙනවා.

මේ වන විටත් රාජ්‍ය බැංකු ත්‍රිත්වය මෙම සහන ණය ලබාදීම ආරම්භ කර ඇති අතර, පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13ක් මෙම පුණ්‍යකර්මයට සමාන මෙහෙයුමට එක්වීමට ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

ව්‍යාපාරය අඩාල වී හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අයට තම කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීම සඳහා රුපියල් මිලියන 25ක් (ලක්ෂ 250ක්) දක්වා ණය ලබාගත හැකියි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ රජය විසින් මෙම මුදල් බැංකුවලට ලබා දෙන්නේ 0% පොලියට වීමයි.

ඒ හරහා පාරිභෝගිකයාට ලැබෙන වාසිය වන්නේ:පොලී අනුපාතය: වසරකට 3%ක් වැනි ඉතා අවම අගයක් ගැනීමයි.

ඒ සදහා රුපියල් මිලියන 10,000ක් (කෝටි 1000ක්) වෙන් කර ඇති බව සදහන්.

Previous article“විජේසෙවන” නිවසේ කිරි සිනහව මළගමකට හැරෙයි.. තවත් මවකට සිය පුතු අහිමි කළ මරණීය අනතුරේ සංවේදී කතාව..
Next articleකිරි සිනහවක් නැති පාලු ගෙවල්වලට සතුටුදායක පණිවිඩයක්.. රජයේ රෝහලක පළමුවරට සිදුවෙන්න යන මේ දේ දන්නේ කීයෙන් කී දෙනාද?
error: Content is protected !!
Verified by MonsterInsights