Home සයුරෙන් එහා පුවත් ඊශ්‍රායල ප්‍ර හා ර යෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බිද්ධි ප්‍රධානියාද...

ඊශ්‍රායල ප්‍ර හා ර යෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බිද්ධි ප්‍රධානියාද නැති වෙයි.

0
52

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගොස් ඇති බව ඉරානය තහවුරු කර තිබෙනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ඉරිදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කසෙමි ඔහුගේ නියෝජ්‍ය හසන් මොහාක් සහ අණදෙන නිලධාරී මොහ්ගෙන් බකෙරි සමඟ මිය ගොස් ඇති බවයි.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර මාලාවක් එරට වේලාවෙන් අද (16) අලුයම් කාලයේ දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට දියත් කරන ලද මිසයිල හඳුනාගත් බවත්, තර්ජනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවයි.

 

මේ අතර නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙස ඊශ්‍රායල හමුදාව මහජනතාවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම විශාල රැස්වීම් වලින් වළකින ලෙසත් ඊශ්‍රායලයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Previous article98 වියට පා තැබුවත් ඇය නම් තාමත් රැජිණක් වගේ… කවුරුත් ආදරේ කරන ඈ ගැන ඇසෙන ඒ කතාව කුමක්ද ?
Next articleඉන්දියාවට අපල කාලයක්..! ගුවන් යානා, හෙලිකොප්ටර් කඩා වැටුනු ඉන්දියාවේ උණුසුම යන්නත් පෙර සිදු වූ තවත් සංවේදී සිදුවීමක් මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights