මේ මාරක අනතුර තවමත් බොහෝ දෙනෙක්ගේ මතකයෙන් ගිලිහී නැතුව ඇති. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධියෙන් පස්සේ ජීවිත වෙනස්වුණු තවත් පවුලක් ගැන කතාවක්..
අම්මා.. ගෙදරක මුල් තැන හිමිවෙන්නේ ඇයට.. ඒ අහිමි වුණු ජීවිතය ඔවුන්ට මොන තරම් සමීප ඇත්ද..?
ඒ අහිමි වුණු ජීවිතය ඔවුන්ට මොන තරම් සමීප ඇත්ද..? කුසුමාවතීගේ නික්මයාම නොසිතූ මොහොතක සිදුවුණත්, ඇයට ආදරය කරන මේ සමීපතමයින් කිව්වේ ඒ ගැන මෙන්න මෙහෙම කතාවක්..
බදුල්ල – මහියංගණ මාර්ගයේ දුන්හිඳ ප්රදේශයේ දී සිදුවූ අනතුරින් අනුරාධපුර, තඹුත්තේගම පදිංචි තිදෙනකුගේ ජීවිත අහිමි වූ අතර, බණඩාරවෙල, කුඹල්වෙල භාවනා අසපුවට ගොස් ආපසු එන ගමනේදී ඔවුහු මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරු වුණා..
මේ ඇසෙන්නේ බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිඳ ප්රදේශයේදී සිදුවූ බස්රථ අනතුරින් ජීවිතක්ෂයට පත් අනුරාධපුර, තඹුත්තේගම පහළගම, කුඩාබිලිබෑව පදිංචි තිදරු මවක වූ රත්නායකගේ කුසුමාවතී මහත්මියගේ සැමියා වන පී. ජයතිලක හැඬූ කඳුලින් කී කතාවයි..
මියගිය කුසුමාවතී මහත්මියගේ දේහය ඊයේ පෙරවරුවේ ඇයගේ නිවෙසට රැගෙන විත් තිබුණා..
“නෝනා හරි ආසාවෙන් ඔය ගමනට එකතු වුණේ. එදා පාන්දර තුනට විතර කට්ටිය මෙහෙන් පිටත් වුණා. ඔක්කෝම කට්ටිය 35ක් විතර හිටියා. මම ඔය අසපුවට කලින් ගිහින් තියෙන නිසා මම යන්න බෑ කිව්වා. අපේ පුතයි, එයාගේ නෝනයි, ගමේ ඥාති එහෙම තමයි ඔය ගමනට ගියේ. සතුටින් ගිය ගමන මෙහෙම කෙළවර වෙයි කියලා කවුද දෙයියනේ දන්නේ. වාහනේ ගෙනිච්චේ අපේම ඥාතියෙක්. පොඩි වෙලාවකට ඔය වාහනේ අරගෙන ගිහින් තියෙන්නේ ඩ්රැයිවින් ලයිෂන් එකක් තියෙන අපේ ගමේම කෙනෙක්. දැන් ඉතිං මොනදේ වුණත් හැමදේම සිද්ධවෙලා ඉවරයි.”
මරණයටපත් කුසුමාවතී මහත්මියගේ දියණීය වන පී. සෙව්වන්දි මහත්මිය මෙසේ පැවසුවා.
“මගේ අම්මත් කුඹල්වල අසපුව බලන්න ගියා. ඒ එනකොට තමයි ඔය අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මගේ අයියත් ඔය ගමන ගියා. අයියාටත් තුවාල වෙලා. රෝහල්ගත කරලා ඉන්නේ. අපේම අයියගේ දුවකුත් නැතිවෙලා තියෙනවා එයත් ගියේ එයාගේ අම්මත් එක්ක තමයි. අපිට මේ කිසි දෙයක් වාව ගන්න බැහැ. අම්මත් නෑ අපේම දුවකුත් නැති වුණා. මේ අනතුරෙන් ඒකයි ගොඩාක්ම දුක.”









