Home දේශිය පුවත් සිඟිති දියණියන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකුට දිවි අහිමි කල නාරම්මල ඛේදවාචකය

සිඟිති දියණියන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකුට දිවි අහිමි කල නාරම්මල ඛේදවාචකය

0
47

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු සහ කුඩා දැරියන් දෙදෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබුණේ නාරම්මල පොලිස් වසමේ නාරම්මල ගිරිඋල්ල මාර්ගයේදීය.

මියගිය දැරියන් දෙදෙනා මාස 09 ක් හා මාස 11 වන අතර රියදුරු වයස අවුරුදු 38ක් වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර වැල්ලව පොලිස් වසමේ වාරියපොළ කුඹුක්ගැටේ මාර්ගයේ කපුහේන ප්‍රදේශයේදී කුඹුක්ගැටේ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවූ අනතුරකින් එම කානත්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි.

මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ 85 වැනි කිලෝමීටර් කණුව අසලදී මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරුන් බරපතළ තුවාල ලබූ යතුරුපැදිකාරිය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 50 ක් වූ අස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Previous articleලංකාවට එන්න බෑ කියපු ශාරුක් ඛාන්ට රූගත කිරීමක් අතරතුර අත් වූ ඉරණම..
Next articleඔන්න එයත් ලංකාවට ඇවිත්… සුපිරි තරු වලින් පිරී ඉතිරී යන ලංකාව බලන්න එන ලෝක ප්‍රසිද්ධ සුපිරි නළුවා, ලංකාවට එන හේතුව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights