Home දේශිය පුවත් ”ලස්සනට හිතන සුන්දර ආත්මෙක දුව මම කියන්න ලැබුණ එකම, මං ජීවිතේ දිනුම්...

”ලස්සනට හිතන සුන්දර ආත්මෙක දුව මම කියන්න ලැබුණ එකම, මං ජීවිතේ දිනුම් කියන්න පුලුවන් කාරණාවක්” පියවරුන්ගේ දිනය වෙනුවෙන්, රංගන ශිල්පි නිරෝෂන් විජේසිංහගේ දියණිය තැබූ ආදරණීය සටහන

0
88

”මේ ලොකෙ වාසනාවන්තම දුව ලියමි..
කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයාට මේ ලෝකෙ වටිනම දේ මොකක්ද කියල,
දෙපාරක් හිතන්නෙ නැතුව මං කියන්නෙ මගෙ තාත්තගෙ දුව වෙන්න ලැබුණ එක කියලා.
ඒ වගෙ ලස්සන හදවතක් තියෙන ඒ වගෙ ලස්සනට හිතන ඒ වගෙ සුන්දර ආත්මෙක දුව මම කියන්න ලැබුණ එකම මං හිතන්නෙ මං ජීවිතෙ දිනුම් කියන්න පුලුවන් කාරණාවක්.
මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තෙ, මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ සුදු මැනික කියලා නොකියා ඒත් මං කියන හැමදේම කොහොමහරි කරන, කොහෙ හරි යද්දි ඇදන් යන ඇදුම පවා අම්මට කලින් මගෙන් අහන, මල්ලිට සැර කරත් මට මුකුත් නොකිය ඉන්න, මං කැමති කෑම අරන් දිලා දැන් හරි නේද කියල අහන (remember cheese cake) මගෙ හීන වලට යන්න මටත් වඩා මාව තල්ලු කරන නිහඩ ප්‍රේමවන්තයගෙ චරිතෙ හරියටම කරන මගෙ පලවෙනි ආදරෙගේ ඒ වචනෙන් මෙහෙමයි කියන්න බැරි ඒ ආදරේට ඔයාගෙ සුදු මැනික ගොඩාක් ආදරෙයි…

ඉස්සර රට යන්නම ඕනෙ කිය කිය හිටිය මම ලංකාවෙ ඉන්න ඕනෙ කියල හිතෙන තරමට මං ඔයාට ආදරෙයි තාත්තේ

Happy father’s day මගෙ තාත්තේ”

උපුටාගැනීම : Warsha Akshari Wijesingha ෆේස්බුක් පිටුවෙන්

Previous articleලොවක් ආදරේ කරන මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් ලංකාවට ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන කතාව
Next articleනාලිකා කීපයකින් මේ උසස් නිර්මාණය ප්‍රතික්ෂේප වුණා. ‘ඉරගිනි මද්දහන’ මගේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ මා ලද විශාල භාග්‍යක්’ – තරින්දි ප්‍රනාන්දු
error: Content is protected !!
Verified by MonsterInsights