Home සයුරෙන් එහා පුවත් ජීවිතය බේරපු අත කවදාවත් අමතක කළේ නෑ… කිලෝමීටර් 8000ක් පීනගෙන බ්‍රසීලයේ වෙරළට...

ජීවිතය බේරපු අත කවදාවත් අමතක කළේ නෑ… කිලෝමීටර් 8000ක් පීනගෙන බ්‍රසීලයේ වෙරළට හැම අවුරුද්දකම එන පෙන්ගුයින් පෙම්වතා..

0
375

ලෝකයේ කොහේ හරි තැනක තමන්ට උදව් කරපු මනුස්සයෙක්ව අවුරුදු ගාණක් යනකම් මතක තියාගෙන, ඒ මනුස්සයාව බලන්න විතරක් කිලෝමීටර් දහස් ගණනක් මුහුදේ පීනගෙන එන පෙන්ගුයින් කෙනෙක් ගැන ඔබ අහලා තිබුණද?

මේ කියන්න යන්නේ බ්‍රසීලයේ ජීවත් වෙන ජොආඕ (João) සහ “ඩින්ඩිම්” කියන පෙන්ගුයින් අතර තියෙන පුදුමාකාර බැඳීම ගැනයි.

විශ්‍රාමික පෙදරේරුවෙක් වුණු ජොආඕට 2011 අවුරුද්දේ දවසක තමයි මේ පෙන්ගුයින්ව හමුවෙන්නේ. ඒ වෙද්දී මේ පෙන්ගුයින් ඇඟ පුරාම තෙල් තැවරිලා, කන්න නැතුව ගොඩක් දුර්වල වෙලා වෙරළේ වැටිලා හිටියේ. ජොආඕ මේ සතාව තමන්ගේ ගෙදරට අරන් ගිහින් දින ගණනාවක් තිස්සේ ඇඟේ තිබුණු තෙල් පිරිසිදු කරලා, මාළු කවලා සනීප කළා. සතාට “ඩින්ඩිම්” කියලත් නම තිබ්බා.

ඩින්ඩිම් සනීප වුණාට පස්සේ ජොආඕ හිතුවේ එයා ආයෙත් තමන්ගේ වර්ගයා ඉන්න පැත්තට යාවි කියලා. ඒත් ඩින්ඩිම් ලෙහෙසියෙන් ජොආඕව දාලා ගියේ නැහැ. සනීප වෙලා මාස 11ක් යනකම්ම එයා ජොආඕගේ ගෙදර හිටියා. පස්සේ දවසක මුහුදට ගිය ඩින්ඩිම් ආයෙත් එයි කියලා කවුරුත් හිතුවේ නැහැ.

හැබැයි හැමෝම මවිත කරමින් මාස කිහිපයකට පස්සේ ඩින්ඩිම් ආයෙත් ජොආඕව හොයාගෙන ආවා. එදා ඉඳන් අද වෙනකම් හැම අවුරුද්දකම ඩින්ඩිම් තමන් බෝවන ප්‍රදේශය වන ආර්ජන්ටිනාවේ සහ චිලී වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් 8000ක් (සැතපුම් 5000ක්) පීනගෙන බ්‍රසීලයට එන්නේ තමන්ගේ පණ බේරගත්ත “ජොආඕ තාත්තාව” බලන්නයි.

වසරේ මාස 8ක්ම ජොආඕ එක්ක ගත කරන ඩින්ඩිම්, අනෙක් අයව එයා ළඟටවත් ගන්න දෙන්නේ නැහැ. හැබැයි ජොආඕට විතරක් ඔහුව වඩාගන්න, නාවන්න වගේම මාළු කවන්නත් ඉඩ දෙනවා.

“මම මේ පෙන්ගුයින්ට ආදරේ මගේම දරුවෙක්ට වගේ, එයා මටත් ඒ වගේම ආදරෙයි” කියලා ජොආඕ හරිම ආඩම්බරයෙන් කියනවා. සතෙක් වුණත් තමන්ට කරපු උදව්වක් කවදාවත් අමතක කරන්නේ නැහැ කියන එකට ඩින්ඩිම් ලෝකෙටම ලොකු පාඩමක් උගන්වලා ඉවරයි.

Previous articleපොලිස් විමර්ශනවලදී හෙළිවුණේ වෙනස්ම කතාවක්.. ගිංඔ­ය පතුලේ සැඟවී ගිය සත්ස­රණිගේ ජීවිතය ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..
Next articleකාන්තා ඔබේ මුත්‍රා ප්‍රදේශයේ වතුර රැදිලා තිබුනාම සිදුවෙන භයානක දේ මෙන්න.. කාන්තා ඔබ දැනගත යුතුම ලිපියක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights