Home තරු ගොසිප් “තාත්තාගේ සිංදු ලියාගන්න එදා පෝලිමේ හිටපු අය, අද අපිට කළේ මෙහෙමද?” ප්‍රේමකීර්තිගේ...

“තාත්තාගේ සිංදු ලියාගන්න එදා පෝලිමේ හිටපු අය, අද අපිට කළේ මෙහෙමද?” ප්‍රේමකීර්තිගේ පුතා ලියූ ආන්දෝලනාත්මක සටහන..

0
469

 

 

මෙරට කලා ලෝකයේ නොමැකෙන නාමයක් වන ප්‍රවීණ පද රචක, දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති ද අල්විස් සිය මුහුණු පොතේ තැබූ සටහනක් මේ වන විට රටේම අවධානයට ලක්ව තිබෙනවා.

ප්‍රවීණ යැයි කියා ගන්නා ඇතැම් ගායකයින්ගේ “කෘතගුණහීන” බව සහ “මුදලට ඇති කෑදරකම” ඔහු මෙම සටහනෙන් ඉතාමත් වේදනාත්මකව හෙළි කර තිබෙනවා.

ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වන විට පූර්ණ කීර්ති මාස 11ක කුඩා දරුවෙක් බව සදහන්.

තම පියා ලියූ අමරණීය ගීත ගයමින් ලක්ෂ ගණන් හම්බකරන ගායකයින්, එදා පියාගෙන් ගීත ලියා ගැනීමට “පෝලිමේ සිටි” බවත්, නමුත් අද වන තෙක් තමන්ට එක පැන්සලක් හෝ අරන් දීමට තරම් කෘතගුණයක් ඔවුන්ට නොතිබූ බවත් ඔහු පවසන්නේ දැඩි වේදනාවෙන්.

ප්‍රේමකීර්ති වෙනුවෙන් පවුලේ අය විසින් සංවිධානය කරන ලද ගුණසමරු ප්‍රසංගවලට පවා එම ගායකයින් පැමිණ ඇත්තේ පවුලේ අයගෙන් මුදල් ලබාගෙන බව පූර්ණ හෙළි කරනවා.

ෂෝ වලට ගිය විට උපයන සෑම රුපියලක්ම තමන් සතු කර ගන්නා මෙම ගායකයින්, තමන් ගයන ගීතයේ පද රචකයා වෙනුවෙන් “ටොපියක්වත්” ලබා නොදුන් බවයි ඔහු පවසන්නේ.

තමන්ගේ මෑණියන්ගේ (ප්‍රේමකීර්තිගේ බිරිඳගේ) අවමංගල්‍ය අවස්ථාවේදී පවා ප්‍රවීණ යැයි කියා ගන්නා, පියාගේ ගීතවලින් ජීවත් වන කිසිදු ගායකයෙකු දුරකථන ඇමතුමක් හෝ ලබා නොදුන් බවත්, ඒ වෙනුවට අලුත් පරපුරේ කලාකරුවන් තමන් සමඟ සිටි බවත් ඔහු අවධාරණය කරනවා.

ගීතයක අයිතිය තිබිය යුත්තේ පද රචකයා සහ සංගීත නිර්මාණකරුවා සතුව පමණක් බව පවසන පූර්ණ කීර්ති, ගායකයෙකු ප්‍රසංගයකින් උපයන මුදලින් 30%ක් නිර්මාණකරුවන්ට ලැබිය යුතු බවට යෝජනා කරයි.

“මට ගහන්න ආවොත් ලක්ෂ ගණන් වංචනිකව මුදල් හොයපු, හොයන සෙට් එකේම නම් එළියට දානවා!” අවසානයේ ඔහු එසේ පවසනවා.

Previous articleපුංචි පැටියව බස් එකට නංවන්න අතින් අල්ලගත්ත අම්මා, සදහටම අතහැරලා ගිය හැටි.. යටියන්තොට අම්මෙක් වෙනුවෙන් මුළු රටම අඬයි..
Next articleරත්තරන් බඩු ගන්න ඉන්න අයට වාසනාව පෑදෙයි.. රන් මිලේ හදිසි වෙනසක්..
error: Content is protected !!
Verified by MonsterInsights