Home සයුරෙන් එහා පුවත් පවුලේ සාමාජිකයින් ඇතුළු සමීපතමයින් ගැන පොලිසියට සැකයක්.. තනූගේ මරණය ගැන දින කිහිපයකට...

පවුලේ සාමාජිකයින් ඇතුළු සමීපතමයින් ගැන පොලිසියට සැකයක්.. තනූගේ මරණය ගැන දින කිහිපයකට පසු ඇසුණු ඇඟ කිලිපොළා යන ඒ කතාව…

0
49

ඒ කතාව ඇරඹෙන්නේම ප්‍රශ්නාර්ථයකින්.. ඇයට මෙහෙම කරන්න තරම් ඔවුන්ට තිබුණු උවමනාව මොකක්ද..?

කොහොම වුණත් මේ සිද්ධිය ගැන පර්යේෂණ කරන පොලිස් කණ්ඩායම් මේ වනවිටත් ඒ සිද්ධිය ගැන විවිධ සැක පළකරනවා..

ඉන්දියාවේ හර්යානාහි ෆරීදාබාද්හි වීදියක තිබූ අඩි 10ක් ගැඹුරු වලකින් ඊයේ (20) කාන්තාවකගේ නරක් වූ මළ සිරුරක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැණීම් යන්ත්‍රයක් භාවිත කර ගොඩ ගත් මළ සිරුර උත්තර් ප්‍රදේශ්හි ෂිකොහබාද්හි පදිංචි 24 හැවිරිදි තනුගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇය ෆරීදාබාද්හි රොෂාන් නගර්හි පදිංචි අරුන් සමග විවාහ වී වසර දෙකක පමණ කාලයක් ගත වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

තනු ඇගේ සැමියා සහ ඔහුගේ පවුලේ අය සමග ජීවත් වූ නිවසට යාබදව පිහිටි අලුතින් සකස් කරන ලද කොන්ක්‍රීට් කොටසක් යට වළ දමා තිබියදීයි මෙසේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් තනුගේ සැමියා, ඇගේ නැන්දම්මා, මාමණ්ඩිය, පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු සහ තවත් සමීප ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පෙ.ව. 8:00ට පමණ දේහය ගොඩගෙන ඇති අතර, මරණයට සිදුවූ නිශ්චිත වේලාව සහ හේතුව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

2023 වසරේ දී විවාහ වූ පසු සිය සහෝදරිය මානසික හා ශාරීරික හිරිහැරවලට ලක් වූ බවත්, විවාහයෙන් ටික කලකට පසු අරුන් සහ ඔහුගේ දෙමාපියන් දෑවැද්ද ලෙස රන් ආභරණ සහ මුදල් ඉල්ලා සිටි බවටත්, තනුගේ සහෝදරියවන ප්‍රීති චෝදනා කරනවා.

තනුගේ පවුලේ අය හැකිතාක් ඉල්ලීම් ඉටු කිරීමට උත්සාහ කළ නමුත් නැවත නැවතත් බලපෑම් කළ බව ඇය පැවසුවා.

සිය සහෝදරිය විවාහයෙන් මාස කිහිපයකට පසු ඇති වූ වධහිංසා නිසා සිය නිවසට නැවත පැමිණි බවත්, ඇය වසරකට වැඩි කාලයක් එසේ රැඳී සිට නැවත යැවූ විට වධහිංසා නැවත ආරම්භ වූ බවත්, ප්‍රීති පවසනවා.

එමෙන්ම දුරකථනයෙන් ද ඔවුන් සමග කතා කිරීමට ඉඩ නොදුන් බවයි ප්‍රීති පවසන්නේ.

අප්‍රේල් 23 වන දින තනු නිවසින් පලා ගොස් ඇති බව නැන්දම්මා සහ නැන්දම්මාගේ පවුලේ අය පැවසූ බවත්, සති ගණනාවක් ගියද ඒ සඳහා කිසිඳු පියවරක් ගෙන නොමැති බවත්, ඇය සඳහන් කරනවා.

එමෙන්ම නිවසට නිසි ජලාප්‍රවාහන පද්ධතියක් නොමැති බව පවසමින් තනුගේ මාමණ්ඩි පසුගියදා මෙම වල හාරා ඇති බවත්, එම වල ඉක්මනින් වසා දමා සිමෙන්ති ස්ලැබ් එකක් දමා ඇති බව දුටු බවත්, ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

සතියකට පෙර ඇයගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල මත පොලිසිය වහාම පියවර ගෙන ඇති අතර, ඒ අනුව සොයාගත් මෙම මළ සිරුර වලෙන් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කටයුතු දිගටම සිදු කරන බවත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

Previous articleමේ පාරත් එයාගේ උපන්දිනේට ලගින්ම හිටියේ ඇය. සුජානි – බිමල් ආදරණීය කුරුළු ජෝඩුවේ කුරුල්ලාගේ විශේෂ දවස..!
Next article“මගේ පුතා ‘අම්මා’ කියද්දි දැනෙන්නෙ මම ජීවිතේ දිනලා ඉවරයි කියලයි…” අලුත් වුණු ජීවිතේ විඳින මාධවී කියන ඒ ආදරණීය කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights