Home Uncategorized පුරාණ රජවරුන් පවා නිතරම පානය කළ ඕජස වැඩිකර තරුණ බව කැන්දන රහස්...

පුරාණ රජවරුන් පවා නිතරම පානය කළ ඕජස වැඩිකර තරුණ බව කැන්දන රහස් පානය…

0
53

 

අපි හැමෝම කැමතියි තරුණව ලස්සනට ඉන්න තියෙනවා නම්. ඉතින් අද කියල දෙන්න හදන්නේ අපූරු පානයක් ගැන.

ඒ තමයි පුරාණ රජවරුන් පවා වශීකෘත කළ ඉතා රසවත් වූ “ඉඳිකිරි පානය”.

කෙනෙකුට හොඳ නිරෝගී ශක්තිමත් පෞරුෂයක් ලැබෙන්න ඒ ඒ කෙනාගේ ඇඟේ තියෙන “ඕජස්” ප්‍රමාණය බලපානවා. ඕජස් වැඩිනම් එයා නිරෝගී වැඩියි. හඳක් වගේ සැප පාටට එයා නිතර බැබලෙන්න ගන්නවා.

දීප්තිමත් සම, දීප්තිමත් ඇස්, දිදුලන කෙස්, ශක්තිමත් බාහු, හොඳ ලිංගික ශක්තිය, හොඳ නින්ද වගේ කාරණා වලින් මේ ඕජස අඩු වැඩි බව පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. මෙහෙම අයට ලෙඩක් දුකක් හැදෙන්නෙත් ඉතාම කලාතුරකින්. එහෙම හැදුනත් ඒ ලෙඩේ ගොඩක් කල් ඇඟේ තියෙන්නේ නෑ. ඉක්මනටම නැතිවෙලා යනවා.

දැන් ඔබ හිතනවා ඇති අනේ මගේ ඇඟෙත් ඕජස වැඩිකරගන්න තිබුනා නම් කියලා. අන්න ඒ දේ ඉතා හොඳින් මේ ‍රහස් ඉඳිකිරි පානයට කරන්න පුළුවන්. මේ ඉඳිකිරි පානයෙන් අපේ ඇඟේ තියෙන ඕජස වැඩි කරනවා. ඕජස වැඩි වුනොත් ඔයාට ලැබෙන වාසි ගැන ඔයා දැනටමත් දැනුවත්. අන්න ඒකයි අතීතයේ හිටපු රජවරුත් මේ ඉඳිකිරි පානය නිතරම සිදුකලා කියලා පොත්පත් වල වගේම ජනප්‍රවාදයෙත් සඳහන් වෙන්නේ.

මේ රහස් ඉඳිකිරි පානය සෑම දිනකම නින්දට පෙර උණුසුම්ව බොන්න. ඊට පස්සේ සැපට නිදාගන්න. වෙනදට වඩා ඉතා හොඳින් නින්ද යන නිසා දැන් කලින් වගේ නපුරු හීන පෙනෙන එකකුත් නෑ. කවදාවත් ඔබට නොතිබුණු හොඳ ජවයකින් උදේ නැගිටින්නත් පුළුවන් වේවි.

ඉඳිකිරි පානය සෑදීමට අවශ්‍ය දේවල්

. එළකිරි වීදුරු 01 ක්

. සිහින්ව ලියාගත් අලුත් රට ඉඳි ගෙඩි 05 ක් (පරණ රට ඉඳි ගන්නෙපා. අලුත්ම ඒවා ගන්න.)

. වියළි මිදි මේස හැඳි 01 ක් (මෙයත් ඉතා සිහින්ව ලියාගන්න.)

සාදාගන්නා ආකාරය

01. දියර කිරි වීදුරුව පිරිසිදු සාස්පානකට දමා රත්කරන්න.

02. එය හොඳින් උතුරාගෙන එනවිට ලිප වසන්න. දැන් උණුසුම් කිරි වලට ලියාගත් රට ඉඳි හා වියළි මිදි දමා විනාඩියක් පමණ වසා තබන්න.

03. පසුව හැන්දකින් හොඳින් මිශ්‍රකර පානය කරන්න.

04. මේ කිරි පානය කළ පසුව වෙනත් කිසිම දෙයක් පානය කරන්න එපා. එහෙමම නින්දට යන්න. උදේ වෙනතුරු ඔබට සැප නින්දක් ලැබේවි.

උපුටාගැනීමක්

Previous articleදෙන්නට දෙන්නා හිත රිදෙන්න වචනයක්වත් කියාගත්තේ නැති රත්තරං අම්මෙක් සහ තාත්තෙක් මේ ඉන්නේ” අතුල – සමිතා දෙන්නා ගැන කවී දෝණි කී කතාව
Next articleඑයාට තියෙන්නේ අමුතුම ලස්සනක්… ඔසරියෙන් හැඩ වුණු තරින්දිගේ රූ සොබා බලන්නකෝ
error: Content is protected !!
Verified by MonsterInsights