Home දේශිය පුවත් මාර්ග නීති කඩකරපු තරුණයෙක්ට දුන් උපදෙසක විඩියෝවකින් සමාජ මාධ්‍ය තුල වෛරල්...

මාර්ග නීති කඩකරපු තරුණයෙක්ට දුන් උපදෙසක විඩියෝවකින් සමාජ මාධ්‍ය තුල වෛරල් වුණ පොලිස් නිලධාරියෙකුගේ කතාව..

0
960

මෙන්න මේ පොලිස් නිළධාරියගෙ වීඩියෝ එකක් අද ෆේස්බුක් එකේ ගොඩක් ශෙයාර් උනා.

මාර්ග නීති කඩකරපු තරුණයෙක්ට ඒ වගේ වැරදි කරන්න එපා කියල උපදෙස් දෙන වීඩියෝවක් තමයි ඒ.

ඒ වීඩියෝ එකේදි මේ පොලිස් නිළධාරිය තරුණයට මෙහෙම උපදෙස් දෙනව.

උපුටා ගැනීම 👇

ඔයත් මං වගේ මහතයිනෙ.වාහනේකට අ හු උනොත් එකතු කරන්න වෙන්නෙ
ස වලෙන්.ඔයා L බෝර්ඩ් අරන් තිබ්බට එහෙ මෙහෙ දාල යන්න බෑ.මේක ලයිසන් එක නෙවේ.

මාර්ග නීති ගැන දැනුවත් වෙන්න ඕනෙ.ඔයාගෙ අම්ම ඔයාව හදපු විදිය අපි දන්නව.ඔයාව හදන්න කොච්චර දුක් විඳින්න ඇද්ද.ඔයාගෙ අම්මට ඉන්න එකම පිහිට ඔයා.ඔයාට මොනව හරි උනොත් අම්මට මොනව වෙයිද.අම්මගෙ එකම බලාපොරොත්තුවත් නැතිවෙනව.එහෙ මෙහෙ දාල ගිහින් වැලි ටිපර් එකකට එහෙම ය ට උනොත් ඔයාගෙ අම්මට මොකද වෙන්නෙ.

ඒ නිසා පුතේ මේ පුහුණු බලපත්‍රය දීල තියෙන්නෙ වාහන අඩු තැනක් බලල පුහුණු වෙන්න.කඩේ තියනව මාර්ග නීති පොත්.ඒ එකක් අරගන්න කියවන්න දැනගන්න ඔයා මාර්ග නීති ඉගෙනගෙන තව කෙනෙක්ට කියල දෙන්න.

උපුටා ගැනීම අවසන් 👆

මේ වීඩියෝ එක වයරල් උනාම මේ නිළධාරිය කව්ද කියල හොයල බැලුව.

එතුමගෙ නම මහේෂ් අබේසිරි.

එතුමගෙ මුහුණු පොත බැලුවම වැඩියෙන්ම තියෙන්නෙ අපිව වැරදි වලින් මුදවගන්න දෙන උපදෙස්.

ඉතින්,පොඩි වරදටත් අල්ලස් ගන්න, පොලිස් නිළ ඇඳුමට මුවාවෙන් එක එක වැරදි කරන සමහර සුළුතරයක් නිළධාරීන් අතර වර්තමානයෙ පොලිස් සේවාවට ඕනෙ මෙවැනි නිළධාරීන් නේද.

රාජකාරියට එහා ගිහින් සමාජ මාධ්‍ය හරහා මහජනතාවට එතුමා කරන මේ සේවය අගය කල යුතු වගේම එතුමට ස්තූතිවන්ත ව්ය යුතුයි අපි හැමෝම ❤

එතුමාට ජය ❤💪

✍️ Rupasiri K. Nawarathna
( ජායාරූප උපුටා ගැනීම මුහුණු පොතෙන් )

 

Previous articleආතරයිටීස්, ඔස්ටියෝ හැදෙන්න කලින් ඇතිවන රෝග ලක්ෂණ සහ මේ රෝගයෙන් බේරෙන හැටි දැනගන්න..
Next articleඅවුරුදු 15ක් පරක්කු වුණු කින්ඩර් ජෝයි එක සහ සුවපත් වුණු පුංචි කාලේ තුවාලයක්…
error: Content is protected !!
Verified by MonsterInsights