ප්‍රේමය පූඡණීය විය හැකිද ? සහතිකවම !
අති උත්තම මිනිසුන් හමු වූ විටෙක…
ටියුරියා පතල්
ඉංඡිනේරුවරියක් වු අතර ඇගේ පාසැල් කාලයේ සිට ඇයට පෙමිබැදි මයිකල් හෝස්කින් පොලිසියේ සේවය කලේය දෙදෙනාම ඔස්ට්රෙිලියානුවන්ය ටියුරියා මහ මුහුදට මෙන්ම මළල ක්‍රීඩාවන්ටද එක ලෙස ප්‍රිය කලාය එමෙන්ම ඇය සිය ප්‍රාන්තය තුල මළල ක්‍රීඩා වර් ණ ලාභිනියකි
සියල්ල කණපිට ගසන්නේ 2011 සැප්තැමිබර් 02 දින .කිමිබර්ලිහිදී කිලෝ මිටර් 100 තරගය අතරතුර ඇතිවු හදිසි ගින්නකට අසුවී ඇය දැවී පිළිස්සී යාමෙනි .එය බිහිසුණු වු අතර ඉන් ඇගේ ශරීරයේ 60% ක් ය පුලුස්සා දමා තිබිණි. ඒ අතර ටියුරියාට ඇගේ රූමත් මුහුණත් දකුනු අතේ ඇගිලි සියල්ලත් වමි අතේ ඇගිලි දෙකක්ද අහිමිවිය..නමුත් ඉන්ඡිනේරුවරිය සිටියේ එළඹසිටි සිහියෙනි-ශක්තිමත් මනසකිනි
ගින්නට හසුවීමෙන් පසු මාස පහක් ඇය රෝහලේ ගත කළාය.
පොලිස් නිලධාරියෙකු වූ මයිකල්, සිය පෙමිවතිය රැකබලා ගැනීම සඳහා ඔහුගේ රැකියාව අත්හැරියේය. ඒ ගැන ටියුරියා කියන්නේ මෙසේය
‘ ඒ‘සන්සුන්, නිහතමානී මිනිහා. එයා හැමදාම උදේ 7.30 එනවා, සමහර වෙලාවට මම කෑගහනව ‘ඔයා මොකද මෙතන කරන්නේ මට ඔයාව මෙතනට එපා!’ මොකද මට යමි වරදකාරී හැඟීමක් ඇති වී තිබූ අතර මට ආදරය කරන කිසිවෙකු මට නොමැති නම් එය මට බොහෝ පහසු වනු ඇතැයි මට හැඟුණි.”එවිට මට කඩා වැටෙන්නට කිසිවක් නැත.
එහෙත් ඇයට හොරෙන් ඇය රෝහලේ සිටියදීම දෙදෙනාගේ විවාහය වෙනුවෙන් ඔහු ඇයට මුද්දක් ගෙන එය දියමන්තියකින් සරසවා තිබිණි මෙි කිසිත් ටියුරියා දැන සිටියේ නැත.
ටියුරියාගේ මයිකල් පිළිබද ප්රතික්ෂේපය එලෙසම කිබියදී 2012 දී නැවතත් කෙල්ල සිය ක්‍රීඩා ක්ෂේත්රයට එලඹියාය. තවමත් ඇය පිටුපසින් ඇය හැර නොදාගිය මයිකල්ය
2014 වසරේ ඇය වසරේ කාන්තාව ලෙස නිවිසවුත් වෙිල්ස් ප්‍රීමියර් කුසලානය දිනා ගත්තාය. මයිකල් එවිටත් ඇය පිටුපසය.
ටියුරියා පිටිගේ වචනවලින් මෙි ‘‘ ඇදහිය නොහැකි මනුස්සයා ‘‘ සමග 2015 ඡුලි 01 ඇය විවාහ විය.
2016 දී ඔස්ට්‍රෙිලියා රඡය ටියුරියාව නවසීලන්තයේ තානාපතිවරිය බවට පත් කලේය.
2017 දෙසැමිබරයේදි ඒ පුඡණිය ප්‍රෙමයේ ප්‍රථම දරුවා බිහිවිය. ඔවුහු ඒ පිරිමි දරුවාට හකාවායි හෝස්කින් යනුවෙන් නමි තැබුහ
2020 වන විට ඔවුන් නැවතත් දෙමාපියන් වූ අතර, එම වසරේ පෙබරවාරි මාසයේදී ළදරු රාහිටි මෙි හොද අමිමාව සහ තාත්තාව ඇඩු කදුලින් පිලිගනිමින් ලෝකයට පිවිසුනාය
2022 දී ඒ චමත්කාරඡනක ආදර කතාවෙි පෙමි යුවල සිය දරුදෙදෙනා අපට පෙන්වමින් ආදරය කියන්නෙ මෙන්න මෙි වගේ දෙයක් යැයි අපට කියනු සදහා ඡායාරූපවලට පෙනී සිටියෝය
ඒ ආදර කතාවෙි පැවැත්ම සදහා වු යතුර ලෙස ඇය මයිකල්ව සඳහන් කරයි එමෙන්ම, ඔහු ඇයව “ලෝකයේ වාසනාවන්තම ගැහැණු ළමයා” බවට පත්කර ඇති වගත් ටියුරියා කියමින් හිදී…
ඉතින් ප්‍රේමය පූඡණිය නැද්ද ?
Pradeep Peirish ✍️
උපුටාගැනීමකි
