Home දේශිය පුවත් දින 3ක් තිස්සේ තනිවම සිරිපා වඳින්න ගිය හිත හයිය අච්චි අම්මා මුළු...

දින 3ක් තිස්සේ තනිවම සිරිපා වඳින්න ගිය හිත හයිය අච්චි අම්මා මුළු රටේම ගෞරවය දිනාගත් ඒ කතාව..

0
351
සිරිපා වාරය ආරම්භ වීමත් සමඟම නල්ලතන්නිය මෙන්ම කුරුවිට පාරත් බැතිමතුන්ගෙන් පිරී යනවා. 

නමුත් පසුගියදා කුරුවිට සිරිපා මාර්ගයේදී හමු වන මේ අපූරු ආච්චි අම්මා ගැන නම් මුළු රටේම අවධානය යොමු වෙනවා.


කුරුවිට මාර්ගයෙන් සිරිපා කරුණා කරන අතරතුර, වර්ණගල අම්බලමට කිලෝමීටර් 1ක් පමණ ඉහළින් සවස 6:30ට පමණ මෙම දිරිය මාතාව හමු වී තිබෙනවා. ඒ වන විටත් ඇය සිරිපා කරුණා කර අවසන් කර නැවත පහළට බසිමින් සිටිය බවයි වාර්තා වන්නේ.

ඇය පවසන අන්දමට ඇගේ වයස අවුරුදු 77ක්. මේ ඇගේ 32 වැනි සිරිපා කරුණාවයි. පුදුමයට කරුණ වන්නේ ඇය මේ ගමන පැමිණ ඇත්තේ කාගේවත් සහයෝගයක් නොමැතිව තනිවම වීමයි.

කුරුවිටින් සිරිපා කරුණාව ආරම්භ කර ඇත්තේ දින දෙකකට පෙරයි. ඇය පහළට බැසීමට පටන් ගන්නා විට ගමන ආරම්භ කර දින තුනක් ගත වී තිබුණා. අලුතින් සාදන ලද කොන්ක්‍රීට් පඩි පෙළ සහ සීත ගඟුල නිසා ඇගේ ගමන තරමක් පහසු වූ බවත් ඇය පවසා තිබෙනවා.

කඳු මුදුන් දහස් ගණනක් අතරින් කරුණා කරන දහස් ගණන් බැතිමතුන් අතර, තමන්ගේ සිතේ ශක්තියෙන් පමණක් සිරිපා වඳින්නට යන මෙවැනි අම්මලා අපේ රටට ආඩම්බරයක්.
Previous articleචාල්ස් රජුගේ සහෝදර ඇන්ඩෲ අත්අඩංගුවට..
Next article“ඇයි දෙයියනේ මෙහෙම වුණේ?” එක නිමේෂයකින් නිවසක සිනහව කඳුළට හැරවූ සංවේදී කතාවක්.
error: Content is protected !!
Verified by MonsterInsights