“මේ ඉන්නේ කවිනි නිම්තරා ඉඳුවර.වයස අවුරුදු 22 ක් වැනි ඉතාම තරුණ වයසකදී ලෝකයම දන්නා දැවැන්ත සමාගම් තමන් පසුපස ගෙන්වා ගැනීමට තරම් ඇය සතු දක්ෂතාවය අසීමිතයි.
කවිනිගේ කතාව පටන් ගන්නේ එංගලන්තයේ ශෙෆීල්ඩ් (Sheffield) විශ්වවිද්‍යාලයෙන්. ඉගෙනුම් කටයුතු අතරතුරදී විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වතාවට රොකට්ටුවක් නිර්මාණය කළ පළමු කාන්තාව ලෙස ඇය වාර්තා අතරට එක්වෙනවා.
එතැනින් නොනැවතුණු ඇය, ‘Newton Launch Systems’ ආයතනයේ රොකට් නිෂ්පාදන පුහුණුව ලබන අතරතුර තම වෘත්තීය දක්ෂතා ලෝකයට පෙනෙන්නට LinkedIn ජාලයට එක් කරනවා.
පුදුමය කියන්නේ, ඇයගේ මේ සුවිශේෂී දක්ෂතාවය දුටු ‘Jaguar & Land Rover’ වැනි ලෝකප්‍රකට සමාගමක පාලනාධිකාරිය ඇයව වහාම සම්බන්ධ කර ගැනීමයි. සම්මුඛ පරීක්ෂණ සහ ඇයගේ පූර්ව අත්දැකීම් දෙස බැලූ සැනින් ඇයව ස්ථීර සේවයට බඳවා ගැනීමට ඔවුන් පසුබට වූයේ නැහැ.
අද ඇය එම සමාගමේ System Engineer කෙනෙක්! අපේ රටේ කෙල්ලෙක් ලෝකයේ ඉහළම තාක්ෂණික සමාගමක මෙවැනි තනතුරක් දැරීම සැබවින්ම හදවතින්ම ආඩම්බර විය හැකි කරුණක්. 🚀💪❤️
-Supun Liyanarachchi-









