Home දේශිය පුවත් රටේම ආදරේ එක්ක අවසන් ගමන් ගිය කළු ව බලාගත්තු ඔහු ගැන ඇසෙන...

රටේම ආදරේ එක්ක අවසන් ගමන් ගිය කළු ව බලාගත්තු ඔහු ගැන ඇසෙන ඔහු ගැන ඇසෙන ඔබ නොදත් කතාව

0
87

කලූ දැන් Viral !
හැබැයි කලූ ගැන මුල ඉදන්ම බලපු අය මතක් නොකර කොහොමද..

කිසිම මුදලක් අය නොකර කලූව ආදරයෙන් බලාගත්තෙ රශ් අයියා..

කලූ දැඩි ලෙස අසනීප උන වෙලාවෙදි අපිට අවශ්‍ය උනේ වෛද්‍ය ප්‍රතිකාර යටතේ කලූව තියන්න. කණගාටුවට කාරණය නම් ලංකාවෙ ප්‍රසිද්ධ සත්ව සංවිධාන පවා අපේ අහිංසක කලූව උපකාර කිරීමට හැකියාව තිබියදී මඟ හැරීම ගැනයි.

ඇතැම් ස්ථාන වලින් දරා ගත නොහැකි මුදල් අය කළ අතර කිසිම සත්ව කරුණාවක් ඔවුන් තුල නැතිබව අපට වැටහුනේ ඉතාමත් අසීරුවට පත්ව ඉන්නා විටයි..

රට පීරා කලූව රැක ගැනීමට තැනක් හොයන අතරදී, කලූගේ වාසනවට අපිට පිහිටට ආවෙ රශ් අයියා විතරයි..

” බය වෙන්න එපා මම කලූව බලා ගන්නවා ” කියලා අපිට විශාවසය හදලා දෙමින්, අපිට දුන්න ශක්තිය කොහොම අමතක කරන්නද..

කලූ හිටියේ දැඩි ලෙස අසාධ්‍ය තත්වයේ.. කැස්බෑවේ පිහිටි රශ් අයියාගේ S kannel dog hostel එක සතුන්ව නවතා ප්‍රතිකාල කරන ස්ථානයක් නෙවෙයි..

රශ් අයියාගෙ තිබෙන මානුශීයත්වය නිසා අපේ කලූව නවතා තබා ගෙන ඒ ළගම සිටින Dr. සුදීර ළඟට ඕනෑම වෙලාවක කලූව අරන් ගිහින් බෙහෙත් දෙන්න පුලුවන් පරිසරයක් ඔහු හදලා දුන්නා..

” ඕනෙ වෙලාවක ඇවිල්ලා කැම්පස් එකේ අයට කලූ බලලා යන්න පුළුවන් ” ඔහු නොපැකිව කිව්වා..

මාස දෙකක් පුරාවටම කැම්පස් එකේ කලූ වෙනුවෙන් ප්‍රතිකාර වලට මහන්සි වෙන මංගලිකා මැඩම් සහ ළමයි වගේම රශ් අයියත් ඉමහත් කැපකිරීමක් කලේ කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාගෙන නොවන බව අප ඇස් දෙකෙන්ම දැක්කා…

මේ විදිහට මාස දෙකක් S kannel ආයතනයේ රශ් අයියා යටතේ කලූ සුරක්ෂිතව හිටියා..

මුලදී දැඩි ලෙස අසාධ්‍ය තත්වයක් තිබුණත් රශ් අයියාගේ ආදරණීය උපස්ථාන සමගම සහ සුදීර වෛද්‍ය තුමන්ගේ ප්‍රතිකාර නිසා කලූගේ තත්වය මදක් යහපත් උනා..

මාස දෙකක් තිස්සෙ කැම්පස් එකේ ළමයි සහ මංගලිකා කතිකාචාර්‍ය තුමිය කලූගෙ ප්‍රතිකාර සඳහා රශ් අයියාගේ S kannel එක වෙත නොකඩවා යන්නට ගියත්, කිසි දිනෙක එය කරදරයක් බව කිව්වේ නැහැ.

ඒ විතරක් නෙවෙයි, හැමදාම උදේ හවස කලූගේ තත්වය වීඩියෝ එකකින් කීමට කිසි දින අතපසු කලේ නැහැ.

ඒ තරම් ඔහු සුහදශීලි ලෙස කලූගෙ වැඩ වලදී අප සමඟ කටයුතු කලා.

කලූ විතරක් නෙවෙයි එතන සිටින සතුන් හැම දෙනාටම ආදයෙන් සලකන ආකාරය ඇස් දෙකටම අපි දැක්කා.

අපේ කලූව අවසාන මොහොත දක්වා කිසිදු මුදලක් අය නොකර රැකබලාගත් රශ් අයියෙ ඔබට ගොඩක් ස්තූතී. 🙏❤️

ඒ වගේම කලූගේ අවසාන මොහොත දක්වාම උත්සහය අත් නොහැර ප්‍රතිකාර කර සුදීර වෛද්‍ය තුමන් හටත් physiotherapy සඳහා පැමිණි කසුන් අයියා හටත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සියළුම දෙනා වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. අවශ්‍ය හැම මොහොතකම කලූව ප්‍රතිකාර සඳහා ගෙන යෑමට ප්‍රවාහන සේවය ලබා දුන් දුමින්ද අයියා ඇතුලු සැමදෙනාටම බොහොමත්ම ස්තූතියි.

මේ වෙලාවේ කලූ වෙනුවෙන් මහන්සි උන මේ මිනිස්සු අමතක නොකර ඉන්නයි මේ සටහන ලියන්නේ..

චාමි෴

Copied.

Previous article“ආපහු දඹු­ල්ලෙන් බැහැලා රස්සා­වට යන්න තමයි එයා හිටියේ… ඒත් දැන් එයාට ගෙදර එන්ඩ වෙලා තියෙන්නේ මේ විදි­හ­යට…” අහම්බෙන් බස් රථයට ගොඩවුණු ඔහු ගැන ඇසුණු ඒ ඛේදනීය පුවත මෙන්න.
Next articleඈ අසණීපව සිටියදී පවා ඇයව තනි නොකෙරූ ඔහු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights