රයිගම් සම්මාන රාත්‍රියට, උමාලි සැරසී සිටි සාරිය ගැන ඇහෙන වෙනස්ම කතාව
22 වෙනි රයිගම් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, පසුගියදා නිමාව දුටුවා.
රයිගම් වේදිකාව වර්ණවත් කරන්න, ජනප්‍රිය රංගන ශිල්පිනි උමාලි තිලකරත්න ද එක්ව සිටියා.
ඒ, “ලතා වල්පොල” මහත්මිය වෙනුවෙන් උපහාර අංගයකට ප්‍රාසාංගිකව දායක වෙමින්.
එහි නර්තන වින්‍යාසයන්, චන්දන වික්‍රමසිංහයන් විසින් නිමවා තිබුණා.
ඊට සුදුසු පරිදි අපූරු සාරියකින් උමාලි හැඩවී උන්නා.
මේ සාරිය පිටුපස කවුරුත් නොදත් කතාවක් තිබුණා. ඒ ගැන ඇය තැබූ සටහනයි මේ,,,,
”මේ සාරිය පිටිපස්සෙ තියෙන්නෙ දිරිමත් දියණියකගෙ කතාවක්.
මෙය සූදානම් කරන දවස්වල ඇගෙ අම්මා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නෙ.
ඇගෙ පියා ඉන් ඉකුත් දිනකදි සදහටම ඔවුන්ව අතැර යනවා.
ඔහු පාකින්සන් රෝගී තත්වයෙන් පෙළෙමින් උන්නෙ.
එදත් ඇය අම්මා එක්ක රෝහලේ, අම්මාට කිසිඳු වෙනසක් නොදක්වා ඇයට සහයට ඉන්නවා.
පවුලේ අනික් අය එක්ක එකතුවෙලා අම්මව ටිකට් කප්පන් ගෙදර ගෙනත් සතියෙ බණ හා දාන පිංකම් කරලා හොඳටම මහන්සි වෙලා ගෙට ගොඩවුනු වෙලාවෙ තමයි මම ඇයට ආපහු කතා කලේ.. සාරිය ඇන්ද බව කියන්න, අපහසුතා මැද්දේ ඇය දුන් සහයෝගයට ස්තූති කරන්න.
ඇය ඉතාම ශක්තිමත්ව එවෙලෙ මාත් එක්ක සුහදව කතා කරනවා.
මෙවර Raigam Tele’es උළෙලේ මේ සාරිය නර්තන අංගය වෙනුවෙන් තෝරාගත් එක ගැන ඇය සතුටින් !!
ඒ දිරිමත් හිත මොහොතකට හෝ සතුටු කරන්න ලැබීම, මට ලැබුණු වාසනාවක් !
Glitters’ ආදරය පිරෙන්නෙ ආදරයෙන්ම විතරයි….”
#ChannelE












