Home දේශිය පුවත් පහුගිය දවස් ටිකේ ගංවතුරට පත් ජනතාවට උදව් කල පිහිනුම් ශූරිය..කැළණි ගගේ දිය...

පහුගිය දවස් ටිකේ ගංවතුරට පත් ජනතාවට උදව් කල පිහිනුම් ශූරිය..කැළණි ගගේ දිය කිදුරිය දිවි ගමනට සමු දෙයි..

0
107

කැළණි ගගේ දිය කිදුරිය වශයෙන් කිරුළු පැළඳි දක්ෂ පිහිනුම් ශුරියක වූ සේදවත්තේ,කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඇය 19 වන වියේ පසු වුවාය. පසුගිය ගංවතුර අවධියේ අවතැන් වු තම අසල් වාසින් බේරා ගැනිමටත්,ඔවුනට ආහාර පාන රැගෙන යාමටත් බෝට්ටුවක නැගි රැ දහවල නොබලමින් අති විශාල කැප කිරිමක් සිදු කළ බව ප්‍රදේශවාසිහු පවසති.

ඕෂධි කැංළණි ගඟ තරණය කරමින් මිටර් 1000ක දුරක් විනාඩි 14 යි තත්පර 41 ක කාලයක් තුළ පිහිනමින් ගිනස් වාර්තා පොතට එක් වුවාය. ඒ වන විය 7 හැවිරිදි වියේ පසුවිය.

ඒ සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවික බෝට්ටු සහ නාවික භටයන්ගේ සහය ද ලබා දි තිබුණි. එදින පට්ටිය හන්දිය ආසන්නයෙන් කැළණි ගගට පැන්න ඕෂධි දැරිය කලු පාලම අසළින් ගොඩට පැමිණියේ අඩි 1000 හේ සිමාව විනාඩි 14 යි තත්පර 41 ක් තුළ සම්පුර්ණ කරමිනි.

එදිනම ඇය හිටපු ජනාධිපතිවරයාගේ ඇගයිමට ලක්ව තිබුණි. ඕෂධි මැතක සිට රෝගි තත්වයෙන් පෙළි සිට ඇති බවද වාර්තා වේ.

Previous articleදිගටම තියෙන හිසරදට මිග්‍රේන් කියලා රැවටෙන්න එපා..මොළයේ ඇති න හ ර යක් පු පු ර න් න කලින් ඒක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්ද..?
Next articleකඳු ඉරිතැලීමක් පසෙන් පිරවීම නායයෑම් අවදානම අඩු කරනවද?
error: Content is protected !!
Verified by MonsterInsights