Home දේශිය පුවත් “ටයිල් කැඩුණේ රතිඤ්ඤා පත්තු වෙනවා වගේ….” මොකක්ද මේ හදිසියේ මහ රාත්‍රියේ වෙලා...

“ටයිල් කැඩුණේ රතිඤ්ඤා පත්තු වෙනවා වගේ….” මොකක්ද මේ හදිසියේ මහ රාත්‍රියේ වෙලා තියෙන්නේ.. හේතුව තවම හිතා ගන්න බෑ…

0
64

දඹුල්ල, කළුන්දෑව අලුත්ගම ගම්මානයෙන්  (17) රාත්‍රියේ වාර්තා වූයේ ඇඟ කිළිපොලා යන පුවතකි. සාමාන්‍ය විදිහට ගෙවල් ඇතුළේ වැඩකටයුතු කරමින් සිටි පිරිසක් මෙන්ම පාඩම් කරමින් සිටි දරු දැරියන් පවා දැඩි භීතියට පත් කරමින් නිවාස කිහිපයක මහ පොළොව අසාමාන්‍ය ලෙස ඉරිතලා පිපිරීම් සිදුවෙන්නට පටන්ගෙන තියෙනවා.

“ටයිල් කැඩුණේ රතිඤ්ඤා පත්තු වෙනවා වගේ….”

සිද්ධිය ඇසින් දුටු නිවැසියන් පවසන්නේ රාත්‍රී 8.30ට පමණ නිවස තුළින් රතිඤ්ඤා පත්තු කරනවා වැනි විශාල ශබ්ද ඇසෙන්නට වූ බවයි. බලන විට නිවසේ බිමට අතුරා තිබූ ටයිල් එකින් එක ඉදිරෙමින් පුපුරා යමින් තිබී ඇත. දරුවන් පාඩම් කරමින් සිටි මේසය අසලම මෙලෙස ටයිල් කැබලි වී විසිවීම නිසා ඔවුන් දැඩි කම්පනයකට පත්ව තිබෙනවා.

මේ සිදුවීම එක් නිවසකට පමණක් සීමා වී නැත. අසල්වැසි නිවාස කිහිපයකම බිත්ති ඉරිතලා ගොස් ඇති අතර, එක් නිවසක වැසිකිළි වළක් පවා අසාමාන්‍ය ලෙස ගිලා බැසීමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

“දවස් කිහිපයක ඉඳලා බිත්ති පුපුරනවා. හැබැයි ඊයේ රෑ වුණේ හිතාගන්න බැරි දෙයක්. පොළොව යට මොනවා හරි වෙනවා වගේ දැනෙනවා,” යැයි ප්‍රදේශවාසීන් පවසති.

“පින්තූර එවන්න කිව්වා විතරයි” – ග්‍රාම නිලධාරීගෙන් ලැබුණු පිළිතුර

මේ අද්භූත තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ එහි ඡායාරූප ගෙන තමන්ට එවන ලෙසයි. නමුත් පොළොව යට සිදුවන මේ වෙනස කුමක්ද යන්න සොයා බැලීමට භූ විද්‍යා අංශ හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් කඩිනමින් මැදිහත් විය යුතු බවට කළුන්දෑව වැසියන් රජයෙන් ඉල්ලා සිටිති.

නාය යෑමේ අවදානමක්ද, එසේත් නැතිනම් භූගතව සිදුවන යම් වෙනසක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, අද රාත්‍රියේද නිවෙස්වල නින්දට යාමට පවා කළුන්දෑව වැසියන් බියෙන් පසුවන බව ආරංචි මාර්ගවලින් දැන ගන්න ලැබුණා

Previous articleසියලු වැඩ අතරේ පවුලට මුල්තැන දෙන ඇය, මල්ලිව පුදුම කරන්න ගිය ගමනක්.. ලෝචනා දුටු සහෝදරයා ඒ මොහොතේ සංවේදී වෙයි..
Next articleමේ මරණ සිදුවුණේ එන්නතින්ද..? තවත් එන්නත් වර්ග 9ක් භාවිතය තහනම් කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights