Home දේශිය පුවත් සෙල්ලම් කර කර සිටියදී නාගයෙකු දෂ්ඨ කිරීමෙන් පුංචි මලකට අත් වූ සංවේදී...

සෙල්ලම් කර කර සිටියදී නාගයෙකු දෂ්ඨ කිරීමෙන් පුංචි මලකට අත් වූ සංවේදී ඉරණම.

0
59

දෙමාපියන් සහ වැඩිහිටි පිරිසගේ නොසැලකිලිමත්කම නිසා පිරිමි දරුවෙකුට දිවි අහිමි වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ හඟුරන්කෙත ප්‍රදේශයෙන්.

මෙම දරුවා පසුගිය 13 වැනිදා කිසිවෙකුත් නොසිතු මොහොතෙක නාගයෙකුගේ දෂ්ට කිරීමකට ලක්ව තිබෙනවා.

එහිදී දෙමාපියන් විසින් දරුවා ප්‍රදේශයේ සිටි සර්පවෙද මහතෙකු සමීපයට ගෙනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එම වෙදමහතා විසින් සර්ප විෂ උඩුදිවීම වැලැක්වීම සඳහා දරුවාගේ කකුල රෙදිපටි කැබල්ලකින් ගැටගසා තිබෙනවා.

එලෙස දිනකට ආසන්න කාලයක් එම රෙදිකැබැල්ලෙන්ම දරුවාගේ පාදය ගැටගසා තිබූ අතර පසුව දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙමාපියන් දරුවා ළගම තිබූ රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා එහිදී අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous articleඔන්න දැන් පොලිසියටත් ලස්සන ඉන්න රූපලාවණ්‍යගාරයක්..!
Next articleඋපන්දිනය දවසේම පුංචි මලක් අකාලයේ මිලින වෙයි. අක්කරපත්තුවෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights