Home දේශිය පුවත් දැදුරු ඔයේ ඛේදවාචකය – දිවි බේරාගත් දරුවෙකු කියන සංවේදී කතාව

දැදුරු ඔයේ ඛේදවාචකය – දිවි බේරාගත් දරුවෙකු කියන සංවේදී කතාව

0
112

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අදාළ පුද්ගලයින් සමග දියනාමින් සිට දිවි බේරාගත් දරුවෙකු සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

“මුලින්ම මාරවිල පල්ලියට යන්න ආවේ. ඊට පස්සේ මුන්නේෂ්වරන් ගිහින් කාලා නාන්න තමා මෙහෙට ආවේ. අපි අර හරියේ නනා හිටියේ. ඊට පස්සේ මෙතෙන වතුර හොඳයි කියලා මෙතෙනට ආවා. වතුර වැඩිය තිබුණේ නෑ. එක අඩියක් පස්සට තිබ්බ ගමන් ඇදගෙන වැටුණා. මමත් ගියා. අයියා කෙනෙක් මාව ඇදලා ගත්තා. අපේ නැන්දයි පුතාලා දෙන්නම නෑ. එහා ගෙදර නැන්දාගේ ළමයි දෙන්නා නෑ.”

මේ අතර ගංගා, වැව් සහ ජලාශවල දියනෑමේදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් මියයාම පසුගිය කාලය තුළ වැඩි වශයෙන් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අනතුරුදායක ස්ථානවල දියනෑම මෙම තත්ත්වයට හේතුව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

source by ada derana.

Previous articleඅපේ සංස්කෘතියෙන් ලොවක් ජයගත් ඇය ගැන ඇසෙන පුදුම හිතෙන ආරංචිය මෙන්න.
Next articleඅපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා කරදර වෙන්න එපා .. චිරන්ත මට හමුවුන හරිම කෙනා – සමිතා
error: Content is protected !!
Verified by MonsterInsights